සියලු පාස­ල්ව­ලට ස්වයං­ක්‍රීය ‘සැනි­ට­යි­සර්’ | Page 2 | සිළුමිණ

සියලු පාස­ල්ව­ලට ස්වයං­ක්‍රීය ‘සැනි­ට­යි­සර්’

මෙරට සියලු පාසල් සඳහා ස්වයංක්‍රීය ‘සැනිටයිසර්‘ උපකරණ නොමිලේ ලබා දීමට කටයුතු කර ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිළුමිණට කීය.

මෙම උපකරණයට දෑත් ළං කළ පමණින් අත් පිරිසිදු කර ගැනීම පිණිස විෂබීජනාශක ස්වයංක්‍රීයව ලැබෙන අතර එම උපකරණය මඟින්ම ශරීර උෂ්ණත්වයද පෙන්නුම් කරන බව ඇමැතිවරයා කීය.

සියලු පාසල්වලට

මෙම උපකරණ පාසල් වෙත ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ ඇමැතිවරයා මේ මාසය අවසන් වීමට පෙර මෙරට සියලු පාසල් වෙත ලබා දීමට කටයුතු කරන බව පැවසුවේය. රජයේ මුදල් මේ සඳහා වැය නොවන බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන Q.I.B පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් ලැබී ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

Comments