කොවිඩ් 19 මහ­නු­වර රත්න­පුර පැති­රීම වේගයෙන් | Page 2 | සිළුමිණ

කොවිඩ් 19 මහ­නු­වර රත්න­පුර පැති­රීම වේගයෙන්

කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තියේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්කවල වේගවත් පැතිරීමක් සිදුවෙමින් පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පසුගිය සිකුරාදා වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවන රැල්ලේ රෝගීන් 28,440ක් වාර්තා වී තිබූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,759ක් වාර්තා වී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,982ක් වාර්තා වී තිබුණද පෙර දිනයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 51කි. එහෙත් පෙර දින රෝගීන් 68ක් වාර්තා කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ගණන 4,597ක් දක්වා ඉහළ නැඟ තිබුණි.

 

Comments