AIA ඉන්ෂුවරන්ස් රක්ෂණයකට එපිටින් ඇති මානව සත්කාරය... | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් රක්ෂණයකට එපිටින් ඇති මානව සත්කාරය...

AIA ඉන්ෂුවරන්ස් විසින් ODOC ඔස්සේ පාරිභෝගිකයන්ට නොමිලයේ සිය නිවෙසේ සිටම ලබා ගත හැකි වෛද්‍ය උපදේශන සේවාවක් හඳුන්වා දෙයි

 

ජීවත් වීමේ පරම ලාභය නිරෝගී බව යන සත්‍යය AIA ඉන්ෂුවරන්ස් හී මානව සත්කාරය ප්‍රායෝගික ජීවිතයට සමීපකර ඇත

 

දැන් ලෝකයම විඩාපත්ය. තමන් පිළිබඳ අධි තක්සේරුවකින් යුතුව ගොඩනැඟූ භෞතික සමාජය එක් වයිරස අංශුවක් විසින් කුඩු පට්ටම් කළ ආකාරය ලෝකයම වික්ෂිප්ත කර ඇත. මේ වනවිට ලෝක ජනගහනයෙන් නවකෝටි හැට එක් ලක්ෂයකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත. විසි ලක්ෂ පන්දහසකට අධික ලෝක ජනගහනයක් මෙම සතිය මුලවන විට මෙම වයිරසයෙන් මිය ගොස් තිබේ.

කොවිඩ් දෙවැනි රැල්ලේ සමස්ත ආසාදිත ප්‍රමාණය ලංකාවේ පනස් දහස ඉක්මවීය. තුන්සියයකට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් මිය ගොස් ඇත.

ලෝකය පුරාම වසංගත පාලනය සංකීර්ණ වී ඇත. තැනක හුදෙකලා කළ මිනිසුන්ය. මඟට බසින පුද්ගලයකුට ගෙදර එන විට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම ගැන සහතිකයක් නැත. මුළු ලෝකයටම මුඛවාඩම් දැමූ මේ වසංගතය සදාකාලික අර්ථයෙන් අප මෙතෙක් ගොඩ නැඟූ සියලු ප්‍රපංච මොන තරම් බිඳෙන සුලු දැයි අවබෝධ කර දුන්නේය.

දැන් මේ බියපත් ලෝකයට අවශ්‍ය ජීවත් වීම සඳහා බලාපොරොත්තුවකි. එහෙත් උවදුරකින් පෙළෙන බියපත් මිනිසුන්ගේ බිඳී ගිය අපේක්ෂා මානුෂීය ප්‍රවේශයකින් විවරණය කරගත හැකි අවස්ථා දුලබය. ඒ දුලබ මනුස්සකම සමඟ ඒධ්ඒ ඉන්ෂුවරන්ස් රක්ෂණ අවකාශ අපේ සමාජයට විවර වන්නේය.

ඒධ්ඒ ඉන්ෂුවරන්ස් නියෝජිතයකු විසින් ලබාගන්නා තොරතුරු ප්‍රකාරව රක්ෂණය සැකසෙන්නේ රක්ෂිතයාගේ අවශ්‍යතාව අනුවය. රක්ෂණයට අදාල සියලු තොරතුරු ලබා ගන්නෙත් ගෝලීය වශයෙන් පිළිගත් ස්වකීය රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රදානය කෙරෙන්නෙත් ඩිජිටල් තාක්ෂණය ඔස්සේය. මුළු ක්‍රියාවලියම සමාජය හා සෘජු ගැටීමකින් තොරව පෙළ ගැසෙන්නේය. මුළු ක්‍රියාවලියටම නවීන තාක්ෂණය ආදේශ වී තිබේ.

මේ වසංගත සමයේ බිහිසුණුම ප්‍රතිඵල අත් විඳීනු ලැබුවේ බෝ නොවන රෝගවලින් පීඩා විඳී මිනිසුන්ය. එවන් වටපිටාවක ඒධ්ඒ ඉන්ෂුවරන්ස් අප වෙත පැමිණෙන්නේ ස්වකීය පාරිභෝගිකයන් වෙනුවෙන් රක්ෂණ වාරිකයක් පිරිනැමීමෙන් එපිටට ගිය මානුෂික රැකවරණයක් රැගෙනය. බෝ නොවන රෝග සම්බන්ධව වෘත්තිකයන් විසින් පවත්වන දැනුම්වත් කිරීම්, නවතම දැනුම, සුව දිවියක් සඳහා වූ සෞඛ්‍යය පිළිවෙත් තම පාරිභෝගිකයන් වෙත නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබේ.

මේ වසංගතය මුලින්ම සිදු කළේ රටේ රෝහල් පද්ධතියේ සිට ස්වකීය පවුලේ වෛද්‍යවරයාගේ ඩිස්පෙන්සරිය දක්වා වූ සමස්ත සෞඛ්‍ය සේවාව පිළිබඳ මානසිකව පැවති රැකවරණය දෙදරවා දැමීමය. කොවිඩ් ආසාදිත පුද්ගලයන් පමණක් නොව, බෝ නොවන රෝගීන්ගේ සිට සෑම මට්ටමකම රෝගී වූවන් බරපතළ සංකූලතාවලට ලක් කළේය. සමහරු ජීවිත අවදානමකටත් මුහුණ දුන්හ. වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගැනීමට ඇති පහසු අවස්ථා මඟ හැරී ගියේය.

මේ අවස්ථාවේදී ඒධ්ඒ ඉන්ෂුවරන්ස් විසින් ර්‍ණච්ර්‍ණඛ් ඔස්සේ ස්වකීය පාරිභෝගිකයන් වෙනුවෙන් නොමිලයේ සිය නිවෙසේ සිටම ලබා ගත හැකි වෛද්‍ය උපදේශන සේවාවක් හඳුන්වා දුන්නේය. මේ සේවාව තුළ ඕනෑම මොහොතක වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන තමන්ට අවශ්‍ය වෛද්‍ය සේවාව නොමිලයේ ලබා ගත හැකි විය. හුදෙකලා කළ ප්‍රදේශවල ජීවත්වන අයට පවා පෞද්ගලිකව වෛද්‍යවරයකු හමුවීමට යෑමේ අවශ්‍යතාව පැන නැගුණේ නැත. ඒ මනුෂ්‍යත්වය තිබුණේ ඔවුන්ගේ වගවීමේ සීමාවෙන් ඔබ්බෙනි.

මේ වනවිට ඒධ්ඒ ඉන්ෂුවරන්ස් හී රක්ෂණාවරණයට කොවිඩ් 19 වසංගත ආවරණයත් ඇතුළත්ය. පූර්ණ වරසක් සඳහා සමස්ත වාරිකය රුපියල් ලක්ෂය හෝ ඊට වැඩි රක්ෂණාවරණ හිමිකරුවන් වෙත වසරක් පුරා ජංගම දුරකථනය හරහා ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන්ගේ විශේෂ සේවා නොමිලයේ 6 වරක් ලබා ගත හැකිය. මෙමඟින් කායික රෝග විශේෂඥ චිකිත්සකවරු මෙන්ම මනෝ වෛද්‍යවරු, වෘත්තීය උපදේශකවරු සමඟ වීඩියෝ තාක්ෂණය හරහා නොමිලයේ උපදෙස් ලබා ගැනීමේ ඉඩ හසර සලසා තිබේ.

එමෙන්ම 'ඒධ්ඒ ඩ්ඥචතබඩ ර්‍ථපධබඥජබධප' රක්ෂණාවරණ හිමිකරුවන් සහ ඒජ්ඛ් පාරිභෝගිකයන්ට ර්‍ණච්ර්‍ණඛ් වෙතින් "සීමා රහිත උපදේශන" පහසුකම දැනටමත් ලබා දී තිබීම අසීමිත සේවයක් සේ හැඟේ.

මේ සෞඛ්‍ය උපදේශන ක්‍රමවේදය සැලසුම් සහගත ගැඹුරු ජීවන ප්‍රවේශයක් වෙත පුද්ගලයකු යොමු කරවීමට සමත්ය. මේ සැලැස්මට අනුගත වන්නේ ඔබ නම් මුලම උපදේශනයේදී පෝෂණවේදියෙක් ඔබේ වර්තමාන ජීවන රටාව පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගැනීම සඳහා ගැඹුරු සංවාදයක යෙදෙයි. අනතුරුව ඔහු පෞද්ගලිකව අනුගමනය කළ යුතු පෝෂණ සැලැස්මක් ඔබට ලබා දෙයි. දෙවැනි උපදේශනයේදී පෝෂණවේදීයා විසින් ලබා දී ඇති සැලැස්ම ඔබ අනුගමනය කර ඇතිද යන වග විමසයි.

ඉලක්ක සපුරා ගැනීම සඳහා ද අවශ්‍ය වෙනස්කම් ඇති නම් සිදුවේ. තුන්වැනි උපදේශනයේදී ගත වූ මාස තුනක කාලය තුළ ඔබේ ජීවන රටාවේ සිදුවුණු වෙනස්කම් තක්සේරු කෙරේ. එහිදී තිරසර දීර්ඝකාලීන සැලැස්මක් පාරිභෝගිකයා වෙත ලබා දෙයි. සිවුවැනි උපදේශනයේදී ඔවුන් ඔබ හමුවන්නේ මනෝ විද්‍යාඥයකු සමඟය. එම හමුවේදී නිවෙසේදී හෝ සේවා ස්ථානයේදී ඔබ පෙලෙන ආතතිය දුරු කිරීම සඳහා වූ සංවාදය ගොඩනඟනු ලැබේ. පස්වැනි උපදේශනයේදී ඔබව යොමු වන්නේ කායික රෝග විශේෂඥයකු වෙතය. එහිදී ඔබේ භෞතික ශරීර යෝග්‍යතා මට්ටම විමසා බැලේ. ඒ පිළිබඳ උපදෙස් හා මඟපෙන්වීම් ලැබේ. මෙතෙක් වූ වෛද්‍ය නිර්දේශ හා ඉතිහාසය ගැන සංවාදයක් ගොඩනැඟේ. ප්‍රශස්ථ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා පුද්ගලයකු ඉගෙන ගන්නා පාඩම් ජීවන රටාවට අනුගත කරගත හැකි ආකාරය ගැන සංවාදයක් සඳහා තමන් කැමැති වෘත්තිකයකු සම්බන්ධ කරගැනීමට ඉඩ හසර අනතුරුව විවර වේ.

මේ ඒධ්ඒ ඉන්ෂුවරන්ස් විසින් නිර්දේශ කර ඇති මාර්ග සැලැස්මය. ඉන් බාහිරව තමන් කැමැති අයුරින්, තමන්ට ගැලපෙන පරිදි විශේෂඥ සේවා ලබා ගෙන තමන්ගේ සුවතාව පවත්වා ගැනීමේ අවකාශයද ඉන් ඔබට විවර වී ඇත.

වැදගත්ම දේ ජීවත් වීමය. ජීවත් වීමේ පරම ලාභය නිරෝගී බව යැයි බුදුන් වහන්සේ වදාළේ අදට වසර දෙදහස් පන්සියයකටත් පෙරය. ඒ ගැඹුරු සත්‍යය සදාතනිකය. වෙළෙඳාමකට එපිටින් වන මේ ඒධ්ඒ ඉන්ෂුවරන්ස් හී මානව සත්කාරය ඒ සත්‍යය ප්‍රායෝගික ජීවිතයට සමීප කරගැනීම සඳහාය.

 

Comments