ඓති­හා­සික පනා­මුරේ ඇත්ගාලේ ඛේද­වා­ච­කය | සිළුමිණ

ඓති­හා­සික පනා­මුරේ ඇත්ගාලේ ඛේද­වා­ච­කය

දිරා­ප­ත්වෙ­මින් පවත්නා දඩු­වැට සහිත ඇත් ගාල
දිරා­ප­ත්වෙ­මින් පවත්නා දඩු­වැට සහිත ඇත් ගාල

“වන අලි ඇතුන් සිරවී සිටි ගාල වටකර තිබු දඩුවැටට පහර පිට පහර දෙමින් කඳන් එක දෙක ගැලවී වැටෙද්දි හිසට එල්ල කළ වෙඩි පහරකින් ලේ පෙරාගෙන එතැනම බිම ඇදවැටී මියැදුණ “පනාමුරේ ඇත් රාජාගේ“ ශෝකාන්තය නිසාම අමරණීය ස්ථානයක් බවට පත්වූ “ පනාමුරේ ඇත් ගාල දැන් වනගත ව විනාශ වී යාමේ තර්ජනයකට ලක්වෙමින් පවතී.“ ඇඹිලිපිටිය නගරයේ සිට කොලොන්න මාර්ගයේ කිලෝ මිටර් 12 ක් දුරින් පනාමුර නගරයේ සල්ගස අසලින් හැරී කිලෝ මීටර් දෙකක් ගිය තැන පනාමුරේ ඇත්ගාල පිහිටා ඇත.

හෙළ රජ සමයේ පටන්ම වනගත අලි ඇතුන් ගාල් කර අල්ලා හීලෑ කරගෙන විවිධ කාර්යයන් සඳහා යොදවා ගෙන ඇත. බුදුන් කල පටන්ම වන අලි ඇතුන් මිනිසාගේ සමීපතම සත්ත්වයකු විය. එදා යුද්ධ කිරීමේදී මහ වැව් අමුණු වේලී ශක්තිමත් කිරීමේදිත් ආගමික කටයුතුවලදී පමණක් නොව හෙළ රජ දරුවන්ට ගරු බුහුමන් දක්වා මෙහෙවර කිරීමටද අලි ඇතුන් කටයුතු කළ අයුරු ඉතිහාසයේ දැක්වෙයි.

පසු කාලයේ මෙරට විදේශීය ආක්‍රමණවලදී ඇත්දල සහ ගජමුතු වෙ‍ෙළදාම් සිදුකර ඇත. මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ “ වලව ගං දෑලේ “ වනගත අලි ඇතුන් අල්ලා වෙන්දේසියේ විකුණා ඇති බව ඉතිහාස කතාවලින් කියවේ.

නලි­යන දිය බුබුල

බ්‍රිතාන්‍ය පාලන සමයේ කොලොන්න කෝරලේ “රටේ මහතා“ වශයෙන් සේවය කළ “ මඩුවන්වෙල දිසාව“ විසින් ඇත්ගාල් බන්දවා වනගත අලි ඇතුන් අල්ලා වෙන්දේසියේ විකිණීම සිදුකර ඇත. ඔහු විසින් කිිහිපවාරයක්ම ඇත්ගාල් බන්දවා වනගත අලි ඇතුන් කොටුකර අල්ලා ඇත.

මඩුවන්වල දිසාවගේ අභාවයෙන් පසු කොලොන්න කෝරලේ පනාමුර නින්දගම අයිතිකරු වුයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කථානායක සර් ප්‍රැන්සිස් මොලමුරේටය.

1951 වර්ෂයේදි පනාමුරේ ඇත්ගාල බන්දවා “වලවේ ගං දෑලේ“ වනගත අලි ඇතුන් අල්ලා ගැනීමට කටයුතු කළේ සර් ප්‍රැන්සිස් මොලමුරේය. ඒ වන විට මඩුවන්වෙල දිසාවගේ කාලයේ ඇත්ගාල් බැඳ වන අලි කොටු කිරීමට සම්බන්ධ වූ පිරිස් නින්දගම්වල සිටියේය. දඩු වැට බැඳීමේ කටයුතු සඳහා හැඩි දැඩි පුද්ගලයන් ඇතුළු පිරිස් කැඳවා “නලියන දිය බුබුල“ මැදිකර ඇත්ගාල බන්දවන ලදී.

වනගත අලි ඇතුන් ගාල් කරවන දිනවලට එය දැකගැනීම සඳහා අගනුවර සිට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රභුවරුන්, කලාකරුවන්, දේශපාලනඥයන්, මැති ඇමතිවරුන් පැමිණෙති. ඔවුන් සඳහා ඇත්ගාල වටා ඇති විශාල ගස් අල්ලා බැද අට්ටාල ඉදිකරති.

අලි ගාල් කරන දිනවලට විශාල පිරිසක් එක්වෙති.එම දිනවලට පනාමුර ඇත්ගාල ප්‍ර‍ෙද්ශය ජනාකිර්න නගරයක් බවට පත්වන බවත් සඳහන් වෙයි. දින 2ක් තිස්සේ අලි ගාල් කිරීම සිදුකරද්දි ගාලට කොටුවු එක් ජව සම­්පන්න තරුණ ඇතෙක් ඇත්ගාලබිම

දුවිලි අවුසසමින් ආවේගශිලිව ඇත්ගාලට වටකර තිබු දඩුවැට බිඳ දැමීමට අත්සාහ කළේය.

ගාලට කොටුවු සිටි තවත් අලි ඇතුන්ද එක්වි දඩු වැට බිඳ දමන්නට වුහ. ඒ වන විට දඩුවැට රැක ගැනීමට යොදවා සිටි හෙල්ල කරුවන් සහ හිලෑ අලි කොටුවි සිටි අලින්ට පහර දෙති. කලහකාරි ඇතා නොනවත්වාම දඩුවැටට පහර දෙද්දි එක් කණුවක් ගැලවි ගියේය.

ඒ වන විට අවට සිරි නරඹමින් සිටි සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා සමඟ සිටි පිරිසක් බියෙන් පසෙකට යද්දි කාණුවකට ඇදවැටි කකුල තුවාලවී ඇත. කලහකාරි ඇතාගේ පහරදීම එන්න එන්නම වැඩිවිය.

මෙි වන විට අට්ටාල උඩ සිට ඇත්ගාල දෙස බලා සිටින පිරිස් ජව සම්පන්න ඇතා ගේ එඩිතර පහර පිට පහරදීම් බලා සිටියහ. ගාලේ දඩුවැටේ දෙවැනි කනුවත් ගැලවී යද්දි බියෙන් තැතිගත් පිරිස් ඒ මේ අත දුව යන්නට වුහ. මේ වනවිට දැඩි තීරණයක් ගත් සර් ප්‍රැන්සිස් මොලමුරේ විසින් එහි සිටි දක්ෂ වෙඩික්කරුවෙක්වු “ කදිරගාමර් “ කැඳවා මේ කලහකාරි ඇතා වෙඩි තබා මරා දැමීමට නියෝග කළේය.

පනා­මුරේ ඇත් රාජාගේ අනු­රුව සහිත  ඇත්­ගාල භුමිය වන­ග­තව

විනඩි කිහිපයකින් පනාමුර ප්‍රදේශය ගිගුම් දෙමින් වෙඩි හඬ නිකුත් විය. පෙරලිකාර ඇතාගේ හිස පසාරුකරගෙන ගිය යකඩ උන්ඩ ඔස්සේ ගලාඑන රතු ලේ දහරාව දැකගත් අවට සිටි ජනතාව කම්පාවට පත්වුහ. රතු ලේ දහරාව ගලා එද්දි මේ ජවසම්පන්න ඇතා කුංච නාදයක් නගමින් ඇත්ගාළ බිම ඇද වැටුණි. බිම ඇදවැටුණු හස්තියා දෑස් ඇර අවට බලා දෑස් පියාගෙන මියයන අයුරු දැකගත් පිරිස දැඩි සංවේගය පළ කළහ. කොයි කාගෙත් දෑසින් කදුළු ගලා එද්දි එදින එම ස්ථානයට පැමිණ සිටි

සංගීතවේදි තුසිත මලලසේකර මහතාගේ හදවතින් පිටවු ශෝකාලාපය ගීතයක් බවට පෙරළී අදත් අපේ දෑස්වලට කදුළු මතු කරයි.

එවන් අමරණීය ස්ථානයක් වනගතව විනාශ වි යන්නට ඉඩදීම ජාතික අපරාධයකි. මේ උදාර භුමිය මතු පරපුරේ දැක ගැනීම සඳහා සංචාරක මධ්‍යස්ථානයක් ලෙස නම් කළ යුතුව ඇත. ඇත්ගාල භුමියේ පිහිටි “නලියන දිය බුබුල“අසලට ගොස් හඩ

නඟන අපට එදා ඇත්ගාලට සිරවී සිටි තම සහෘදයන් බේරාගැනීමට මහ සටනක් කර ජීවිතය පූජා කළ පනාමුරේ ඇත්රාජාගේ ශෝකාන්තය කියාපායි.

Comments