vivo Y51 වෙළෙඳ පොළට | සිළුමිණ

vivo Y51 වෙළෙඳ පොළට

vivo නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y51 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. තාරුණ්‍ය වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන Y මාදිලියේ මෙම නවතම Y51 හි 8GB RAM + 128GB ROM මගින් විවිධ බහුකාර්ය යෙදවුම් භාවිතයට පහසුකම් සපයයි. AI Triple camera සැකැස්ම මෙන්ම මෙම නව Y51 හි 48MP Main Rear Camera ඇති අතර Super Night Camera, Stylish night filters ඇතුළු විවිධාකාර කැමරා විශේෂාංග මගින් දිවා රාත්‍රී දෙකෙහිම සුපැහැදිලි දසුන් ලබා දෙයි.

වැඩි වෙලාවක් පුරා camera සහ app භාවිත කිරීමට ඇති අවස්ථාව වර්ධනය කරමින් vivo Y51 හි 18W Fast Charge තාක්ෂණය සහිත දිගු බැටරි ආයු කාලයක් ලබා දෙන 5000mAh බැටරියක් අන්තර්ගතව ඇත. මීට අමතරව, Side-Mounted Fingerprint Scanner අන්තර්ගත වන අතර එමගින් ක්ෂණිකව එකවරම display එක ක්‍රියාත්මක කරමින් දුරකථන‌යෙහි අගුළු විවෘත කරනු ලැබේ.

Qualcomm® Snapdragon™ 6 Series Mobile Platform මගින් බල ගැන්වෙන Y51 8GB RAM + 128GB ROM මගින් බලවත් හා දීර්ඝ වෙලාවක් පුරා අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි. එහිදී 18W Fast Charge සහ AI power saving technology මගින් single full charge කිරීමකින් online HD movie streaming සඳහා පැය 17.9 ක ආයු කාලයකුත් games සඳහා පැය 9.9ක ආයු කාලයකුත් ලබා දෙයි.

Comments