Uber පස්වැනි සංවත්සරය සමරයි | සිළුමිණ

Uber පස්වැනි සංවත්සරය සමරයි

 

Uber සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දී වසර 5 ක් සම්පූර්ණ වූ අතර, මේ කාලය තුළ මගීන් මිලියන 1.8 කට ප්‍රවාහන සේවා සලසමින් ගමන් වාර මිලියන 53 ක්ද සම්පූර්ණ කර ඇත. එමෙන්ම රියදුරන් 110,000 කට අධික පිරිසකට ජීවනෝපාය මාර්ගයක් ද නිර්මාණය කර දී තිබේ.

2015 සිටම Uber මෙරට ජනතාවට ප්‍රවාහන විසඳුම් ලබාදුන් අතර, 2019 වසරේදී මෙරට ප්‍රථම වරට යතුරුපැදි සේවාවක්ද හඳුන්වා දීමට Uber කටයුතු කළේ ය. .

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලසීමාව තුළ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන Uber Medic සේවාව වැනි නවතම සේවාවන් රැසක් මෙරටට හඳුන්වා දීමට Uber කටයුතු කර තිබේ. Uber Medic සේවාව යටතේ මෙරට සුව විරුවන්ට රු. මිලියන 8.5 ක පමණ වටිනාකමකින් යුත් ප්‍රවාහන සේවාවන් නොමිලේ ලබාදෙන ලදී.

එමෙන්ම මගීන්ගේ ආරක්ෂාව උදෙසා තාක්ෂණය මූලික කරගත් ආරක්ෂක විධිවිධාන එකතුවක් හඳුන්වා දීමටද Uber කටයුතු කළේ ය. මීට මාර්ගගත ආකාරයට සම්පූර්ණ කළ හැකි පිරික්සුම් ලැයිස්තුවක්, මගීන් සහ රියදුරන් මුහුණු ආවරණ පැලඳ සිටීම අනිවාර්ය කිරීම, ක්ෂේත්‍රයේ ප්‍රථම වරට රියදුරන් මුහුණු ආවරණ පැලඳ සිටින බවට සෙල්ෆි ඡායාරූප මගින් තහවුරු කිරීමේ ක්‍රමයක් සහ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් රියදුරන්ට අනිවාර්ය පුහුණුවක් ලබාදීම ආදිය ඇතුළත් විය. එමෙන්ම ආරක්ෂාව පිළිබඳව සැකයක් ඇතිවූ අවස්ථාවකදී මගීන්ට හෝ රියදුරන්ට ගමන් වාරය අවලංගු කිරීමට හැකිවන ආකාරයට, අවලංගු කිරීම් සම්බන්ධ ප්‍රතිපත්තිය යාවත්කාලීන කරන ලදි.

Comments