SLT-MOBITEL වෙතින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ “සිහිනයට සවියක්” | සිළුමිණ

SLT-MOBITEL වෙතින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ “සිහිනයට සවියක්”

කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ SLT-MOBITEL ‘සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25 දින එළිදැක්විණි. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීමට නියමිත ය. කුඩා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඇති සන්නිවේදන අවශ්‍යතා නිවැරදිව වටහා ගනිමින් එම අවශ්‍යතා සම්පුර්ණ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වාදෙනු ලබයි.

ඒ අනුව, සන්නිවේදනය, ව්‍යාපාර ජාලකරණය, ක්ලවුඩ් (cloud) තාක්ෂණය, විනෝදාස්වාද හා අන්තර්ජාලය හා බැඳුණු මෙවලම්, සන්නිවේදන උපාංග හා ව්‍යාපාර සන්නිවේදන යටිතල පහසුකම් ආදිය SLT-MOBITEL පිරිනමන ස්ථාවර / ජංගම දුරකථන, 4G LTE, SLT බ්‍රෝඩ්බෑන්ඩ්, SLT Fibre හා Peo TV වැනි සේවා හරහා ප්‍රවර්ධනය කෙර්.

විවිධ ක‍්ෙෂ්ත්‍රවල වෙනස් වන අවශ්‍යතා හඳුනාගෙන ඒ ඒ ක්ෂේ‍ත්‍රවලට සරිලන ආකාරයට මෙම වැඩසටහන දියත් කෙරේ. ඒ අනුව, විනෝදාස්වාද හා සංචාරක, විලාසිතා හා රූපලාවණ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ, වෛද්‍ය හා සෞඛ්‍ය, අධ්‍යාපන, විශේෂ අවස්ථා හා බැඳුණු සේවා, මූල්‍ය සේවා, e-commerce හා මෘදුකාංග සංවර්ධන, වෘත්තීය සේවා, ඉදිකිරීම් සහාය හා ප්‍රවාහනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන සේවා ආදී කුඩා වූ ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ඊට සරිලන තාක්ෂණික විසඳුම් සපයනු ලබයි.

Comments