Huawei Watch GT2 Pro වෙළෙඳපොළට | සිළුමිණ

Huawei Watch GT2 Pro වෙළෙඳපොළට

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ. සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ.

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර ග්‍රෑම් 52 (පටි රහිතව) වේ. Huawei Watch GT2 Pro පැලදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින් fitness technology හි විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යෑම සඳහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත විශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි.

Comments