HNB FINANCE PLC, රන් සම්මාන 2ක් දිනා ගනී | සිළුමිණ

HNB FINANCE PLC, රන් සම්මාන 2ක් දිනා ගනී

HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්ත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ 2020 ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ‘ACEF Global Customer Engagement Awards 2020‘ රන් සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

HNB FINANCE සමාගම මෙම සම්මාන උළෙලේදී වඩාත් ගෞරවනීය සම්මානයන් වන ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ට පාරිභෝගික සබඳතාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වූ ඇගයුමට හිමි රන් සම්මානයත්, ‘බැංකු සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාජ මාධ්‍ය සන්නාමය’ වශයෙන් ද රන් සම්මාන දෙකක් හිමිකර ගන්නා ලදී.

Comments