ස්විස් ධන කුවේ­ර­ නතා­නි­යල් ලංකාවට | සිළුමිණ

ස්විස් ධන කුවේ­ර­ නතා­නි­යල් ලංකාවට

 

ස්විට්සර්ලන්තයේ ජීවත් වන ප්‍රකට ව්‍යාපාරිකයෙකු හා ධන කුවේරයකු ලෙස පිළිගැනෙන නතානියල් රොත්ස්චයිල්ඩ් පසුගිය ජනවාරි 12 වැනි දින රාත්‍රියේදී සිය පෞද්ගලික ජෙට් යානයෙන් මෙරට සංචාරයකට පැමිණ තිබේ.

49 හැවිරිදි නතානියල් රොත්ස්චයිල්ඩ් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉතා ප්‍රකට ධන කුවේර ව්‍යාපාරිකයකු වන ජේකොබ් රොත්ස්චයිල්ඩ්ගේ එකම පුත්‍රයා වන අතර ඔහු මෙසේ මෙරට සංචාරය කරන ලද කෙටි කාලය ඇතුළතදී කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය නැරඹීම සඳහා ඉතා උනන්දුවෙන් යුතුව සහභාගී වී ඇති බවද දැන ගැනිමට ඇත. ඒ අනුව ඔහු එම පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආශ්‍රිතව යම් ආයෝජන කටයුත්තක් සිදු කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර; මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුම මුණ ගැසි ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර හා ආයෝජන සිදු කිරීමට ඇති හැකියාව හා ඒ සම්බන්ධව ලබා ගත හැකි පහසුකම් පිළිබඳව හෙතෙම සාකච්ඡා පවත්වා තිබේ. නතානියල් රොත්ස්චයිල්ඩ්ගේ මෙම විශේෂ ශ්‍රී ලංකා සංචාරය සමඟ යුරෝපා කොමිසමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නිරන්ජන් දේවාදිත්‍ය හා ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන රාජන් බ්‍රීටෝ එක්ව සිටි අතර රොත්ස්චයිල්ඩ්ගේ මෙම හදිසි සංචාරය පිළිබඳව මෙරට දේශපාලන අංශ හා ව්‍යාපාරික ප්‍රජාව ඉතා සුබදායි බලාපොරොත්තු තබා ගෙන ඇති බවද වාර්තා වේ.
 

චන්දිමා එදිරිමාන්න

Comments