හේෂානිගේ රෑ රහස් | සිළුමිණ

හේෂානිගේ රෑ රහස්

2020 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිසෙස් ලබමින් මේ දිනවල ධරණි ටෙලිනාට්‍ය හරහා රටක් හඳුනා ගත් සුරූපිනිය හේෂානි ලියදිපිටයි. අද ඒ රුවැත්තිය රූ රහස් සමඟින් හේෂානි එක් වන්නේ ඇගේ සුරූපී බවේ රහස් කියන්නයි..

මුහුණට කෝමාරිකා සත්කාරය

මට තියෙන්නෙ තෙල් සහිත සමක්.ඒ නිසා පිම්පල් එනවා වැඩියි. ඒකට පිළියමක් විදියට ගෙදරම වවා ගත්තු කෝමාරිකා භාවිත කරනවා.

 

ගෙදර හදපු සබන්

අපෙ අම්මා සබන් කෑල්ලක් මට හදලා දීලා තියනවා. ඒක හදලා තියෙන්නේ බේබි සබන්, වෙනිවැල් ගැට, කොකුම් පොතු, කස්තුරි කහ සහ සුදු හඳුන් මිශ්‍ර කරලා. මේකප් දාන වෙලාවට හැරෙන්න ඒ සබන් එක විතරයි මම පාවිච්චි කරන්නෙ.

 

කොණ්ඩෙට සුදු පොල්තෙල්

මම කොණ්ඩෙට සුදු පොල්තෙල් විතරයි පාවිච්චි කරන්නේ. තෙල් ගාලා දවසක් තියලා දෙවනි දවසේ නෑවත් ඒ තෙල් ගතිය කොණ්ඩේ ති‍ෙයනවා. ඉතින් එක දිගට ගෙදර ඉන්න දවස්වලට තමයි ඒ සත්කාරය කරන්නෙ..

පලා වර්ග හා පලතුරු හැමදාම

දැනට මගෙ කෑම කොන්ට්‍රොල්. බත් කන්නෙම නැති තරම්..ඇගට ෆිට් එකක් තිබුණෙ නැත්තම් විතරක් බත් කනවා.මම ටිකක් මහත ඇඟක් තියන කෙනෙක්. ඒකයි එහෙම කරන්නෙ. පලා ජාති අනිවාර්යයෙන් අපේ ගෙදර හැමදාම හදනවමයි. පලතුරු කන්න ආසයි. මේ දවස්වල ගොඩක්ම කැවෙන්නෙ අඹ. එළවළුවලින් නම් ආසාවෙන්ම කන්නේ කැරට්. දෙහි බීම එකක් බොනවා. උදේට බ්ලැක් කොෆි එකක්. කිරි නම් බොන්නේ නැහැ. ක්ලීන් අප් දෙකක් ඇරෙන්න ෆේෂල් කරලම නැහැ.

 

දවසට වතුර ලීටර් හතරයි

දවසට වතුර ලීටර් හතරක් බොන එක මගෙ අනිවාර්යය පුරුද්දක්. ඒක නින්දට හා සමට හොඳයි කියනවා. බඩ කොරවෙනවටත් ගොඩක් හොඳ නිසා මග අරින්නෙ නැතුවම වතුර ලීටර් හතර බොනවා.

 

නින්ද, මඟහරින්නේ නෑ

නින්ද අත්‍යවශ්‍ය වුණත් මගේ වැඩකටයුතු නිසා බොහෝ වෙලාවට නින්ද මග ඇරෙනවා..උදේම නැගිටින්න ඕනි දවස්වලට මම කලින් නිදා ගන්නවා.

 

ගෙදරදීම ව්‍යායාම්

මම ජොගින්ග් කරන්නේ නැහැ..ටැබ්ලට් මුකුත් පාවිච්චි කරන්නෙත් නැහැ. කලින් නම් ජිම් ගියා. නමුත් කාලය ප්‍රශ්න නිසා ගෙදරදීම ව්‍යායාම් වල නිරත වෙනවා.

Comments