2020 වසරේ දී පාඨක - විචාරක අවධානය දිනූ පොත් කවර | සිළුමිණ

2020 වසරේ දී පාඨක - විචාරක අවධානය දිනූ පොත් කවර

නවකතා පොතක්, කෙටිකතා පොතක්, කවි පොතක් හෝ වෙන කවර පොතක් වුව විට පළමුව පාඨකයන්ගේ අවධානය දිනා ගන්නේ පොතේ පිටකවරයයි. ආකර්ෂනීය පොත් පිට කවරයක් පොතට වටිනාකමක් ගෙන එයි. එමෙන්ම විශිෂ්ට පොත් පිට කවර නිර්මාණ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මාන ඇගැයුමකට ද ලක් වේ. හැට හැත්තෑව දශකයේදී කංචුක නිර්මාණ හෙවත් පොත් පිට කවර නිර්මාණයට විශේෂ ස්ථානයක් හිමිව තිබිණි. වර්තමානයේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කරන නිර්මාණ අතරටම පොත් පිටකවර ද යොමුව තිබුණ ද අතීත පොත පතේ පිටකවර නිර්මාණය ඊට හාත්පසින්ම වෙනස්ය.

කෙසේ වෙතත් ගෙවුණ වසරේදි පාඨකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ අවධානය වඩාත් යොමුවූ පිටකවර කිහිපයක් ගැන එහි නිමැවුම්කරුවන්ගේ අදහස් මෙසේය.

Comments