සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

 

කෘතිය- දොවොන්දරාගෙන් නොරිකොට

කර්තෘ- පැට්ට්‍රික් රත්නායක

සන්ථව ප්‍රකාශනයකි

මිල රුපියල් - 300 පිටු - 88

විමසීම්- 071 8449575

 

විටෙක අපි අතීතය ගැන උදම් වන්නෙමු. තවත් විටෙක අප වර්තමානය ගැන උදම් වන්නෙමු. ඒ අතර අනාගතය ගැන දහසක් බලාපොරොත්තු තබන්නෙමු. මේ සියලු උදම්වීම්, හෙට දවස ගැන බලාපොරොත්තු මේ කිසිවක් ගැන කතා බහ කළ නොහැකි යුගයක අද අපි ගෙවමින් සිටින්නෙමු. හේතුව දිනෙන් දින කොවිඩ් වයිරසය ලෝකය ආක්‍රමණය කරමින් සිටීමය. ඒ ආක්‍රමණය තුළ මානවීය බැඳිම්, මිනිස් සංවේදීතාවයන් දිනෙන් දින දුරස්වෙමින් තිබේ යැයි කියන්න සිදුවන්නේ කනගාටුවෙනි. අද හෙට හෝ අනිද්දා නිශ්චිතව කිව හැකි දවසක් උදාවන තුරු ජාති, ආගම්, කුල, පක්ෂ, පාට භේදයක් නැතිව අනිවාර්යයෙන් අප භාවිත කළ යුතු දෙයක් ඇත. ඒ මුව වැසුම් ය. මාතෘකාව mask

කෝට් අස්සේ යුනිෆෝම් අස්සේ

සිවුරු අස්සේ ලෝගු අස්සේ

සරම් අස්සේ ඩෙනිම් අස්සේ

සාරි අස්සේ

හැංගිලා ජීවත් වෙන

එකම එක මිනිහෙක්....

මේ කවිය අපට හමුවන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ , සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායකයන්ගේ “දොවොන්දරාගෙන් නොරිකොට“ කාව්‍ය සංග්‍රහයෙනි. අප ගත කළ කොරෝනා කාලය නොවන්නට ඔහුගෙන් මෙතරම් ඉක්මනට රස විඳින්නට ඉඩක් ලැබෙන්නේ නැත. ඒ කෙසේ වුවත් ඔහුගේ කාව්‍ය සංග්‍රයේ අපට හරි අපූරු නිර්මාණ රැසක්ම හමුවේ.

සම්මත වුවත් අසම්මත වුවත් ආදරය සිත සුවපත් කරයි. නමුදු සිත සුවපත් කරන ආදරයම අසම්මත වූ විට සිත ගිලන් කරයි. ගත ගිලන් වූ විට ප්‍රතිකාර තිබුණ ද සිත ලෙඩ වු විට ප්‍රතිකාර කිරීම අසීරුය. අහිමි පෙම, හැර ගිය පෙම යළිත් තමන්ගේ කර ගන්නට වැලපෙන සිතක අදෝනාවක් යැයි සිතෙන කවිය කී මේ. මාතෘකාව අසම්මත සම්මතය.

ඈත දුර ගියා සුළඟ වගේ

සිත වැලපුණා ඔබේ රුව සොයා...

ඈත දුර මායිමක සිත පැටලිලා

කිසිවක් ම නොහැගෙන

කිමද මේ අරුමය...

 

හෙටත් එන්න මා වෙත ඇවිදින්

සුවපත් කරන්න ගිලන් වූ මගේ සිත....

අයදිමි මෙලෙසයි අසම්මත ප්‍රේමයෙන්

බැඳුනු මේ ආදරේ වරදක් නොකරන්න..

අපට අද නිදහස් අධ්‍යාපනයක් තිබේ ද? නැතිනම් එය තවත් එක් වචනයක් පමණ ද කවියා සිතන්නේ එසේය. පොදු ජනතාව සිතන්නේ අපට නිදහස් අධ්‍යාපනයක් ඇතියි කියාය. එහෙත් අද වන විට සියල්ලම වානිජකරණය වී තිබේ. මේ වාණිජකරණය වූ සමාජය තුළ සිදුව ඇත්තේ කුමටද? සරසවි අධ්‍යාපනයේ හෙට දවස තිරණය කරන්නේ ලෝක බැංකුවද? දවසින් දවස ලෝකය තුළ අතරමං වන අපේ උසස් අධ්‍යාපන ක්‍රමය ගැන නිර්මාණකරුවාට ඇත්තේ දෙගිඩියාවකි. කවියා මහා ලොකු කතාවක් බොහෝ කෙටියෙන් කියන්නට උත්සාහ දරා ඇත. මාතෘකාව රට පෙරට. (මෙහි දැක්වෙන්නෙ රට පෙරට කවියේ අවසන් කොටසයි)

ෂා මරුනේ first class

හයදෙනාගෙන් පස් දෙනෙකුට

මෙච්චර කාලෙකට තිබුණේ එක first එකයි කවුද? මෙච්චර class දුන්නෙ

කොම්පියුටරය කොම්පියුටරය

ගුරුවරු නොදන්නා දකුණු ආසියාවේ

බුද්ධිමතුන් බිහිකරන නව ක්‍රමය නව ක්‍රමය

ලෝක බැංකුව අනුමත කළ..

අම්මලා කවුරුත් එකය. අද සිටින ඇතැම් “ස්මාර්ට් අම්මලාට“ වඩා අපේ ගමේ අම්මලා මවුගුණයෙන් පොහොසත්ය. විජේගේ අම්මා එවන් මාතාවකි. විජේගේ අම්මා නියෝජනය

මාතෘකාව විජේගේ අම්මා

එදා විජේ උඹටත් අප හැමටත්

හාල් තහනම් කාලෙක අපට බත් බෙදා දී

බලා ඉඳගෙන සතුටු වූ අම්මා

හැමෝගෙම අම්මා විජේගේ අම්මා

අද හොඳට නිදි අවදි කර අප

අතීතයකට

හෘදයසංවේදි මෙන්ම, පාඨකයන්ට බොහෝ දේ සිතන්නට පොලඹවන නිර්මාණ රැසක් දොවොන්දරාගෙන් නොරිකොට කාව්‍ය සංග්‍රහයේදී හමුවේ.

Comments