සන්නිවේදනයේ අග්‍රඵලය නි‍ර්මාණයයි | සිළුමිණ

සන්නිවේදනයේ අග්‍රඵලය නි‍ර්මාණයයි

 

“ඒ ඇසුණේ ශබ්දයක්. මිනිසුන්ගේ ශබ්ද, සතුන්ගේ ශබ්ද, යන්තර සූත්තර ශබ්ද, කෙළවරක් නැති ශබ්ද.”

“ඒ විතරක්ද? ඇයි රූප හෙවත් දෘශ්‍ය.

“දෘශ්‍යවලත් කෙළවරක් නැහැ. මිනිස් රූප. සත්ව රූප. ගස්වැල්. ඇළ දොළ, සමුදුර කඳුවැටි, දිය ඇළි, වනාන්තර. මේ හැම පෙනෙන රූප. නොපෙනෙන රූපත් ඇති මිනිසුන් විසින් අඳින ලද රූප. බිතු සිතුවම්.

“ඒ විතරක්ද? ඇයි ලේඛනය. ඒ කියන්නෙ ලිඛිත සන්නිවේදනය?

“අකුරුවලින් පටන්ගත්තේ‍. අකුර අකුර එකතුවෙලා වදන් හෙවත් වචන බවට හැරෙනවා.”

වදන, වදන එකතුවෙලා වැකි බවට පත්වෙනවා. වැකි සමුදායක් එකතුවෙලා ඡේද බවට පත්වෙනවා. අන්තිමට මුවින් පිට කළ ශබ්ද සමුදාය, ලේඛන බවට පත්වෙනවා.

“අපට වටහා ගැනීමට සිද්ධ වෙන්නේ, ශබ්දය, දෘශ්‍යය, ලේඛනය මුල් කොටගෙන බිහිවූ සන්නිවේදනය කෙතරම් දුර ගමන්කර ඇති ද යන්නයි.

“ශබ්දය කෙමෙන් සංවිධිත ශබ්දයක් වෙලා, හඬ, (Voice) නාදය, (Melody) ස්වරය (tone) සහ ඒවායින් කළ හැකි බලපෑමක් සිදුවෙනවා. දරුවකු නළවන අම්මා දරු නැළවිල්ලක් ගායනා කරනවා. ගායනය (Singing) හේතුවෙන් සන්නිවේදන ලෝකයේ සිදුවී ඇත්තේ සංගීත නිර්මාණ (Musical Creations) හැඩ තල රාශියක් ඇති විෂය ධාරාවක් බවට පත්වුණා. එය සංගීතවේදය (Musicology) යනුවෙන් දිගු වුණේ සන්නිවේදනයේ අග්‍ර ඵලයක් වශයෙන්. ඒ නිසාම සංගීතවේදය, සන්නිවේදන අධ්‍යයනයන් ඇති කිරීම අපහසුයි. එහෙත් කල්යාමේදී මේ නිර්මාණාත්මක සන්නිවේදනය සුවිශේෂී විෂය ධාරාවක් බවට පත්වීම වැළැක්විය නොහැකි වුණා. ඒ නිසාම නිර්මාණශීලී සංගීතවේදියා (Creative Musician) සන්නිවේදනයේ අගපල භුක්ති විඳින්නකු වශයෙන් සලකන්නට වෙනවා. මේ අතර හඬ හෙවත් Voice කෙතරම් සියුම් ලෙස විෂය ධාරාවන්ට බෙදී ගොස් ඇත්ද?

නිවේදකයා, ප්‍රචාරකයා, කථිකයා, දේශකයා මුවින් නිකුත්වෙන හඬ හඳුනාගෙන තම කාර්ය ඉටු කරන්නකු බවට පත්වුණා. නිවේදක (Announcer) වර්ග රැසකි. ප්‍රචාරකයන් (Propagandists) වර්ග රැසකි. කථිකයන් හා දේශකයන් (Speakers and Preachers)වර්ග රැසකි. ඔවුන්ගේ ස්වභාවය හා ක්‍රියාදාමය විවිධ සංස්කෘතියට අනුකූලව සිදුවන බව ද පෙන්නුම් කෙරෙනවා.

“ඊළඟට අපි අඳින චිත්‍ර අපේ නිර්මාණ කුසලතාවක් වශයෙන් සලකන්නට වෙනවා නේද?”

“සැබැවින්ම දෘශ්‍ය සන්නිවේදනයේ අංගෝපාංග කොතෙක් දැයි කීම අපහසුය. බිතුසිතුවම් (Murals) වලින් පටන්ගෙන දෘශ්‍ය සන්නිවේදනය කෙතරම් දුර ගමනක් ගිහින් ඇත්ද යන්න එහි ඉතිහාසය හැදෑරීමෙන් වටහා ගත යුතුය. මේ හේතුවෙන් උගත යුතු ප්‍රධාන කාරණය වන්නේ දෘශ්‍ය සන්නිවේදනයේ අගඵල ලෙස චිත්‍ර කලාවත් (Painting) ඊට පසුව ආ ඡායාරූප ශිල්පය (Photo graphy) සිනමා ශිල්පය (Cinemato graphy) හා එහිම අතුරුඵල ලෙස සැලකෙන දෘශ්‍ය තාක්ෂණය (Visual technology) සහ එහි ප්‍රතිඵල ලෙස සැලකෙන රූපවාහිනිය (television) හා ජංගම දුරකථනයට බද්ධවූ කැමරාව හා ඊට අදාළ දක්ෂ අතිශයින් ජනප්‍රිය සෙල්ෆි (Selfie) සේයාරූකරණය ලෙසත් වට්ස් අප් (What’s app) ලෙසත් අවධානය නිර්මාණශීලී ලෙස සැලසුම් වී ඇති ද යන්න කෙරෙහි අවධානය යොමු විය යුතුයි.

“අකුරුකරණයෙන් පටන්ගත් ලිඛිත සන්නිවේදනය කෙතරම් දුර ගමනක් ගොස් ඇතිද? අකුරුකරණය විධිමත් ලෙස ඉටු කලෙකදී පටන්ගත් වාචික සන්නිවේදනය (Verbal Communication) යන්න විධිමත් ලෙස ලේඛන ගතවීම නිසා සිදුවූයේ මුලින්ම මුඛ පරම්පරාවේ (Oral tradition) නිර්මාණ ලේඛනගතවීමය. එය හඳුන්වනු ලැබුවේ කටවහර ලේඛනයට හැරවීමක් (From Oral to Written) යනුවෙනි. කටින් පිටවුණු කවි පසුව ලියැවුණා. කටින් පිටවුණු කතන්දර (කට + අන්දර) පසුව ලියැවුණා. කෙටිකතා හා දිගු කතා, වීර කතා, ප්‍රේමකතා, සංචාරක කතා හා ආගමික කතා, කවි කතා කොතෙකුත් බිහිවුණා. මෙය ලිඛිත සන්නිවේදනය මහා නිර්මාණශීලී විප්ලවයක් වීමට මඟ පෑදීමක් වුණා. අද අපි වෘත්තාන්තවලියක් (Narratalogy) ගැන කතා කරනවා.

* එය නිර්මාණාත්මක සන්නිවේදනයයි.

 

 ජානක පෙරේරා
 

Comments