පියයුරු පිළිකා පිළිබඳ AIA දැනුම්වත් කිරීමේ වැඩසටහනක් | සිළුමිණ

පියයුරු පිළිකා පිළිබඳ AIA දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

 

 AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා පිළිකා සංගමය හා අත්වැල් බැඳ ගනිමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ සංගමය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට සහාය වී තිබේ.

2020 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් පිළිකා සංගමයෙහි ‘Pink Ribbon’ පරිත්‍යාග සහ bookmark අලෙවි කිරීම සඳහා AIA හී ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලුම ප්‍රාදේශීය කාර්යාල හරහා මෙන්ම AIA හි සියලුම සමාජ ජාල තල ඔස්සේ ද සහාය වන ලදී. මෙසේ රැස් කරගන්නා අරමුදල් ශ්‍රී ලංකා පිළිකා සංගමය නොකඩවා සමාජය වෙත කරන්නා වූ විශිෂ්ට සේවා සඳහා උපකාර වනු ඇති.

වසංගත තත්ත්වය නිසා ඔක්තෝබර් මාසයේ ඇති වූ හුදෙකලා කිරීම් හේතුවෙන් AIA ඉන්ෂුවරන්ස්, මෙම පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2020 වසර අවසානය තෙක් දිගු කළ අතර එමගින් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත AIA හි කාර්යමණ්ඩල සාමාජිකයන්හට වසර අවසානය තෙක් ඔවුන්ගේ පරිත්‍යාගයන් නොකඩවා සිදු කිරීමේ අවස්ථාව උදාවිය.

මේ දිනවල ශ්‍රී ලාංකික ජනතාව බොහොමයක් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ විවිධ වැඩසටහන් වලට සහභාගී වීමට හුරු වී ඇති අතර නොබෝදා AIA ඉන්ෂුවරන්ස්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාරිණී සහ පිළිකා පිළිබඳ උපදේශිකා වෛද්‍ය සචිනි මලවිආරච්චි විසින් මෙහෙයවන ලද පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සජීවී වෙබිනා වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ෆේස් බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරුණු අතර 25,000 කට අධික පිරිසක් මෙම වැඩසටහන නැරඹීමට යොමු වී තිබිණි.

Comments