ගෙදර ඉන්න දවසටත් අහන්නේ ෂූටින් නැද්ද කියලා | සිළුමිණ

ගෙදර ඉන්න දවසටත් අහන්නේ ෂූටින් නැද්ද කියලා

 

හැමෝම හොඳ කියනකොට මට‌ ‌තව‌ ‌තව‌ ‌රඟපාන්න‌ ‌හිතෙනවා.‌..

 

‌ ‌‌‌මේ දිනවල පුංචි තිරේ කාගෙත් ආදරේ දිනා ගත් පුංචි කෙල්ලක් ඉන්නවා. සමහරු ඇයට කියන්නේ ‘බට්ටිච්චි‌‘ කියලා තවත් සමහරු ‘අනෝහාමි‌‘ කියලා. මේ බට්ටිච්චි හා අනෝහාමි හමුවෙන්නේ මේ දිනවල විකාශනයවන ‘දාම්‌‘ ‌සහ‌ ‌‘මහපොළව‌‘ ටෙලි නිර්මාණ ඔස්සේ. එතකොට කාගෙත් ආදරේ දිනාගත් ඒ පුංචි දෝණි තමයි ‌පහන්දි‌ ‌නෙතාරා‌ ‌වල්පිට‌. පුංචි තිරේ පුංචි කමට හැඩ වැඩ දාන පහන්දි පසුගිය දවසක රසඳුන අප සමඟ එක් වුණේ හුරතල් කතා බහ ගොන්නක් එක්ක.

 

පුංචි තිරේ දස්කම් පාන පුංචි දොණි ගේ වයස කීයද?

මට‌ ‌තවම අවුරුදු‌ හතයි.‌

‌එතකොට පුංචි දූ රඟපාන්න ආවේ තවත් පුංචි කාලෙදී නේද?

‌අවුරුදු‌ ‌තුනෙන්‌ ‌තමා‌ ‌මම‌ ‌රඟපාන්න‌ ‌පටන්‌ ‌ගත්තේ. වෙළෙඳ දැන්වීමක තමා මුලින්ම රඟපෑවේ.

 

පුංචි දූ රඟපාන්න හරි කැමැතියි නේද?

‌රඟපාන්න‌ ‌එනකල් ‌මට‌ ‌මෙච්චර‌ ‌රඟපාන්න‌ ‌පුළුවන්‌ ‌කියලා‌ දැනන්‌ ‌හිටියේ ‌නෑ.‌ ‌

 

පහන්දි දුවගේ රංගනයට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක්‌ ‌හොඳයි‌ ‌කියනවා.‌ මං රඟපානකොටත් කරදර කරන්නේ නෑලු. රංගි‌ ‌රාජපක්ෂ‌ ‌නැන්දා‌ ‌මට‌ ‌කියන්නෙ‌ ‌‘රත්නපුරේ‌‌ ‌‌මැණික‌‘ ‌කියලා‌. එතකොට ධනුෂ්ක‌ ‌මාමා‌,‌ ‌‌තරින්දි‌ ‌නැන්දා‌, ‌මොරින් ‌අම්මා‌ ‌කියන්නෙ‌ ‌‘මගේ‌ ‌බට්ටිච්චි‌‘ ‌කියලා‌. ජයප්‍රකාශ්‌ ‌මාමා‌ ‌කියන්නෙ‌ ‌‘පුංචි‌ ‌ළමා‌ ‌නිළි‌‘ ‌කියලා‌. එතකොට හර්ෂ‌ ‌උඩකන්ද‌ ‌මාමා‌ නම් මට ආදරේට ‌‘ගෝරි‌ ‌පැටියා‌‘ ‌කියනවා. අනුරාධා‌ ‌අම්මා‌යි, උමාලි නැන්දයි කතා‌ ‌කරන්නෙ‌ ‌‘මගෙ‌ ‌චූටි‌ ‌මැණික‌‘ ‌කියලා‌. සුමිත්‌ ‌මාමා‌ ‌මධූ‌ ‌නැන්දා‌ ‌අනෝහාමි‌ ‌‌,‌චූටි‌ ‌මන්දෝදරී‌ ‌කියනවා. ‌ඒ හැමෝම‌ ‌මට‌ ‌ගොඩක්‌ ‌ආදරෙයි.

 

එතකොට පහන්දිගේ ඉස්කෝලේ යාළුවෝ මොකද කියන්නේ ?

මම ඉගෙන ගන්නේ රත්නපුර‌ ‌‌JMC‌ ‌‌ජාත්‍යන්තර‌ ‌පාසලේ. ‌‌මට‌ ‌දැන්‌ ‌යාළුවෝ ‌ගොඩයි. ඉස්කෝලේ‌ ‌අක්කලා‌, ‌අයියලා‌, ‌නංගිලා‌ ‌මල්ලිලා‌, ‌මගෙ‌ ‌යාළුවො‌ ‌එතකොට ටීචර්ස්ලා ‌කියනවා මම‌ ‌ලස්සනට‌ ‌රඟපානවා‌ලූ. යාළුවෝ ගොඩක්ම කැමැති ‘ගෝරි ෆිල්ම් ‘එකෙ මගේ චරිතෙට. ඉතින් හැමෝම හොඳ කියනකොට මට‌ ‌තව‌ ‌තව‌ ‌රඟපාන්න‌ ‌ආස‌ ‌හිතෙනවා‌.‌ ‌

එහෙනම් පහන්දි දුව අනාගතේ රංගන ශිල්පිනියක් වේවි නේද?

ඒක නම් අම්මාගෙන් තමා අහන්න ඕනී. අපේ ස්කූල් එකේ ඉන්නවා ලස්සන ලස්සන ටීචස්ලා. මට ඕනී ඒ වගේ ලස්සන ටීචර් කෙනෙක් වෙන්න.

 

දූ ගේ අම්මයි තාත්තයි මොකද කියන්නේ මේ දුවට ලැබෙන මේ ප්‍රතිචාර ගැන?

මගේ රඟපැම් දකිද්දි අම්මට කඳුළු එනවාලු. අම්මයි තාත්තයි මගේ දක්ෂතා හොඳට අඳුරගෙන තියෙන්නේ කියලා මට කියනවා. එයාලා කියන්නේ මට රඟපෑම පිහිටලා තියෙන්නේ සරස්වති මැණීයන්ගෙන් වරමකින් ලු. හැබැයි එයාල මගේ ඉගනීම් කටයුතු ගැනයි ගොඩක්ම වද වෙන්නේ.

 

දුවව මේ තරම් දුර ගෙන්න අම්මයි තාත්තයි ලොකු කැපකිරීමක් නේද කරන්නේ?

ඔව්. අපි ඉන්නෙ රත්නපුරේ. දුර ප්‍රශ්නෙ සෑහෙන්න බලපානවා. තාත්තත් මුලදි අපි එක්ක ආවා. රැකියාව නිසා තාත්තට හැමදාම එන්න බැරි වෙනවා. ඒත් තාත්ත අපිට හැමදේටම අවසර දීලයි තියෙන්නේ. අම්මයි තාත්තයි කියන්නේ එයාලා මාව ඇස් මානෙම තියන් රකිනවා කියලා.

 

දුව කොහොමද ඉගෙනීමයි රඟපෑමයි සමබරව කරගෙන යන්නේ ?

ටිකක් අමාරුයි තමයි. මාව ගොඩක් ඩ්‍රාමාවලට, ෆිල්ම්වලට ඉල්ලුවට අම්මයි තාත්තයි මගේ ඉස්කෝලේ වැඩ අතපසු නොවෙන විදිහ බලලයි තීරණය කරන්නේ. වෙළෙඳ දැන්වීම් එක දවසින් රූගත කරන නිසා එයාලගෙන් අකමැත්තක් නැහැ.

 

‘අනෝහාමි‘ ගැන පුංචි දූට මොනවද කියන්න තියෙන්නේ?

‘අනෝහාමි‘ ගොඩක්ම දුක් විඳපු චරිතයක්. කැලේ කටු ඇනෙනවා. හවසට ඇවිත් නාද්දී කටු ඇනිච්ච තැන්වල වතුර ගෑවෙනකොට අඬනවා. මම ස්ක්‍රිප්ට් එක කලින් බලන්නෙ නැහැ. එතනදි දෙපාරක් විතර හිතින් කියවගෙන ඒක කරනවා. හැමෝම කියනවා මගේ දක්ෂතා ගොඩක්ම එළියට ආවේ අනෝහාමිගෙ චරිතයෙන් කියලා.

 

දුවට මෙහෙම එක දිගටම වැඩ කරන එක මහන්සි නැද්ද?

මම ගෙදර ඉන්න දවසටත් අම්මගෙන් අහන්නේ අද ෂූටින් නැද්ද කියලා.

 

[email protected]‌ ‌

ජයාරූප‌ -‌ ‌‌තරිඳු‌ ‌වනසිංහ‌

Comments