‘යළි දකිමු දීඝ­වා­පිය’ 22දා | සිළුමිණ

‘යළි දකිමු දීඝ­වා­පිය’ 22දා

තිහාසයේ ප්‍රථම වතාවට රජයේ මුදල් වැය නොකර දාගැබක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

ඒ අනුව නැඟෙනහිර ප්‍රධාන බෞද්ධ උරුමයක් ලෙස සැලකෙන දීඝවාපි චෛත්‍යය උදෙසා ‘යළි දකිමු දීඝවාපිය‘ නමින් මහජන අරමුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ හා අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් 22 වැනිදා ආරම්භ කෙරෙන බව ලේකම්වරයා පවසයි.

රුපියල් බිලියනයක් මේ සඳහා වැය වන බවට ගණන් බලා ඇති බවත් වසර 3කදී දීඝවාපි චෛත්‍යෙය් වැඩ කටයුතු අවසන් කිරීමේ භාරදූර කාර්යය ජනාධිපතිවරයා විසින් බාරදී ඇති බවද ලේකම්වරයා පැවසීය. ඒ අනුව ගඩොල් මිලියන 23ක් වැයවන චෛත්‍යය වෙනුවෙන් දිනකට ගඩෙල් 28,000ක් නිපදවා ඒවා දීඝවාපිය දක්වා ගෙනවිත් චෛත්‍යය උඩට රැගෙන ගොස් ගොඩ නැඟීමට සිදුව ඇතැයිද ඒ කාර්යය කෙසේ හෝ සිදුකරන්ටන කටයුතු කර බවද ඔහු පෙන්වා දුන්නේය.

 

Comments