පිට­වල චන්ද­ර­තන හිමිගේ 50 වැනි ජන්ම දිනට පින්කම් | සිළුමිණ

පිට­වල චන්ද­ර­තන හිමිගේ 50 වැනි ජන්ම දිනට පින්කම්

නවගමුව තලපිටිකන්ද, අරලිය උයන, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පිටවල චන්දරතන හිමියන්ගේ 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 17 වැනිදා කොරතොට රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පින්කම් රැසක් පැවැත්වේ. එහිදී විලච්චියේ කාශ්‍යප හිමියන්ගේ සංකල්පයකට අනුව සම්පදිත ‘චන්දරතන ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය‘ එළි කොරතොට රජමහාවිහාරස්ථ ශ්‍රවණාග­ාරයේ දී සිදු කෙරේ.

උන් වහන්සේගේ ජන්ම දිනය යෙදෙන 18 වැනිදා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පින්කම් රැසක් පැවැත්වෙන්නේ උන් වහන්සේ විසින් සිදු කළ සේවාවන් සිහිපත් කරමිනි. විශේෂයෙන්ම සම්බුද්ධ ජයන්ති දහම්පාසල හා එක්සත් බෞද්ධ සුබසාධක සංගමය පිහිටුවීමෙන් උන් වහන්සේ විසින් සිදු කළ සේවය අපරිමිතය.

Comments