ගංව­තු­රෙන් 23,380ක් පීඩා­වට | Page 3 | සිළුමිණ

ගංව­තු­රෙන් 23,380ක් පීඩා­වට

තුර, උතුරුමැද හා නැඟෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක 11කට පසුගිය දිනවල බලපෑ අධික වර්ෂාපතනය හා ගංවතුර නිසා පසුගිය සිකුරාදා වන විට පවුල් 7187ක පුද්ගලයන් 23,380ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජනක හඳුන්පතිරණ පැවැසීය.

මෙම ආපදා තත්ත්වය නිසා අවතැන් වූවන් සඳහා අවතැන් කඳවුරු පහක් යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය හා නුවරඑළිය යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇතැයිද ඒ මහතා කීය.

පසුගිය දිනවල සිදුවූ ආපදා තත්ත්වය නිසා වැඩිම හානිය සිදුවී ඇත්තෙ නැඟෙනහිර පළාතටය. එම පළාතේ පවුල් 5137ක පුද්ගලයන් 16453 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. කෙසේ වුවද පසුගිය දිනවල පැවැති වැසි තත්ත්වය ඉරිදා (17) වන විට අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක අවධාරණය කෙළේය.

Comments