අධිරාජ්‍යවාදයෙන් නිදහස මාලේ ගේ පාපන්දු අනුරාගය | Page 2 | සිළුමිණ

අධිරාජ්‍යවාදයෙන් නිදහස මාලේ ගේ පාපන්දු අනුරාගය

ඔහු තමන්ගේ එකෙකු නොවේය යන ‘අපවාදයෙන්‘ කොන් කරන්නට ස්වදේශික දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද ඉදිරිපත් වූ හ.

මාලේ යනු ජන අනුරාගී කලාකාමියෙකි. ලෝකය ඔහු හඳුන්වන්නේ විප්ලවවාදියකු වශයෙනි. ප්‍රාග්ධනය මූලික කරගනිමින් ගොඩනැගුණු අධිරාජ්‍යවාදයට එරෙහිව සිය නිර්මාණ මගින් සටන් කළ මාලේ එකී ජන අනුරාගය තරමටම පාපන්දුවට ආදරය කළේය. එදා ඔහු ආදරය කළ පාපන්දුව අද ඔහු සටන් කළ ප්‍රාග්ධනයේ ම ගොදුරක් වී තිබීමද දෛවෝපගතය. මේ මාලේ ගේ පාපන්දු අනුරාගය ගැනය.

 

“වැස්සට ආදරය කරන බව පවසයි ඔබ...

එහෙත් වැසි වසින කල් හි

ඉහළා ගනිමින කුඩයක්...

වැස්සට යටින් ඇවිද යයි......

හිරු එළියට ආදරය කරන බව පවසන ඔබ...

එහෙත් හිරු පායා ඇති කල්හි

සොයන්නේ ය සෙවනක්ය..

සුළඟට ආදරය කරන බව පැවසුවත්

සුළං හමන කල් හි

කවුළු පියන්පත් වසා දමන්නේ ද ඔබම ය...

ඉදින් මට ආදරය කරන බව පවසන විට ඔබ

ඇති වන්නේ මහත් වූ බියකි මා තුළ...

(සිනාසෙන ජැමෙයිකාව -බොබ් මාලේ)

යුරෝපීය පියකුට දාව කැරිබියානු මවකගේ කුසින් උපන් නෙස්ටා රොබට් මාලේ (ඔහුගේ මුල් නම) පියාගේ නොසලකා හැරීම් වලට ලක් නොවුණත් මව, පියාව සමඟ එකම කුටුම්භවාසියෙක් වශයෙන් දිවි ගෙවූයෙක් නොවේ.

ඉහතින් දැක්වුණ ඔහුගේ කාව්‍ය රචනය තුළ ප

බොබ් මාලේ සිය පාසල් ජීවිතයේ දී ලද තවත් පීඩනයකට හේතු කාරණාවක් වූයේ කැරිබීයානුවන්ගේ සමේ කළු පැහැය වෙනුවට සිය යුරෝපීය සම්භවය නිසා ම ඔහුගේ සම පැහැපත් වර්ණයක් ගැනීම යි. ඒ නිසා ඔහු තමන්ගේ එකෙකු නොවේය යන අපවාදයෙන් කොන් කරන්නට ස්වදේශික දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද ඉදිරිපත් වූ හ.

එසේ වුවත් බොබ් සෑම විටම විශේෂයෙන් ම සුදු ජාතිකයන් ගේ වර්ණභේදවාදී හැසිරීම් වලට සෘජුව ම සිය විරෝධය පල කළ පුද්ගලයෙකු වූයේය. ස්වදේශිකයන් නිර්ධනයින් බවට පත් කරමින් ගෙන ගියා වූ විජාතික අධිපතිවාදයට එරෙහිව ඔහු “බෆලෝ සෝල්ජර්” වැනි ගී ගැයූවේ ය.

කැරිබියානු සාම්ප්‍රදායික ධාරාවේ පිළිගත් සංගීත සම්ප්‍රදායක් වූ රෙගේ සංගීතය නොවක් ආභාෂයක් ලෙස ගනිමින් මතු වූ මේ අසහාය ගායකයා සිය ගිටාරයට තරම් ම පා පන්දුවටත් ආදරය කළේ ය.

වා ඉස්මතු වන්නේ පවත්නා සමාජ යථාර්තය මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ සැබෑ ජීවිතවල පවත්නා පරස්පරය යි.

බොහෝ සමාජ පීඩනයන් මැද වුව ලොව සෙළ වු ගායකයකු බවට පත් වූ බොබ් මාලේ නිතර සිටියේ ගිටාරයක් අතැතිව ය. සැබැවින්ම එය අමුතු දර්ශනයක් නො වූයේ ඔහු ගායකයකු නිසා ය. එහෙත් ඒ ඔහු ම (ගිටාරය පසෙකින් තැබු සෑම විටක ම) පාපන්දුවක් අතැතිව සිටීම අරුමයක් වූයේ ද ඔහු ගායකයෙකු වු නිසා ම ය. ඇතැම් විට ඔහු වඩාත් දක්ෂ වූයේ පා පන්දු ක්‍රීඩාවට දැයි සිතෙන තරමට ම මාලේ පාපන්දු ක්‍රීඩාවේ ලා සමර්ථ වූයේ යැයි කිවහැකිය.

බොබ් මාලේ සිය සංගීත නිර්මාණකරණයෙන් විඩාපත්වන අවස්ථා වල දී හැරුණේ පා පන්දු පිටිය දෙසට ය. ඒ වෙනුවෙන්ම ඔහු මිතුරන් කණ්ඩායමක් ද සුදානම් කොටගෙන සිටියේ ය. මෙම ක්‍රීඩාව කෙරෙහි ඔහු තුළ වූ රාගාන්විත උනන්දුව කෙතරම් ද යත් පිටියට බැස ක්‍රීඩාවේ නිරතව සිටින මාලේ තුළින් කෙනකුට දැකිය හැකි වූයේ මුළු ජීවිතයෙන් ම පා පන්දු ක්‍රීඩාව පුහුණු කළ අයකුගේ විලාසයකි. එසේ නොමැතිව අප හොඳින් හඳුණන බොබ් මාලේ නම් ගායකයාගේ ප්‍රතිරූපය නම් නොවේ. එහිදී එක්වනම කෝකිළයෙකු වූ මිනිසා අහස වසාලන අයුරින් පියාපත් විදැහු රාජාලියකු වන් පා පන්දු ක්‍රීඩකයකු බවට පත් වීම පුදුම සහගත විය. එසේම ඔහු මේ උත්තම ක්‍රීඩාව ගැන වරක් මෙසේ ප්‍රකාශ කළේ ය.

“පා පන්දු ක්‍රීඩාව යනු සම්පූර්ණ හැකියාවන්ගෙන් සජ්ජිත වූවකි. සමස්ත ලෝකය ම, සම්පූර්ණ විශ්වය ම එය තුළට ගොනුකර ගත හැකි ය. මම එයට ආදරය කරන්නේ ඔබට ද එය ක්‍රීඩා කිරීමට සුදක්ෂ විය හැකි හෙයිනි. නිදහස! ඔව්, පාපන්දු යනු නිදහසම ය.’’

ගායකයකු වශයෙන් ඇති කරගත් සුපතල කීර්තියත් සමග අන්තර්ජාතික තලයට පිවිසුණ ඔහු ලන්ඩනයට නිතර ගියේ ය. වරක් ලන්ඩනයේ පා පන්දු පිටියක දී මාලේ සිය මිතුරන් ද සමග පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටිනු “යූ. කේ. ඩිස්ට්‍රිබියුටර් ෆෝ අයිලන්ඩ් රෙකෝඩ්” හි ට්‍රෙවර් වයිට් දුටුවේ ය. ඒ අයුරින් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටින ඔහුගේ ක්‍රීඩා විලාසය ගැන ට්‍රෙවර් මෙසේ පවසා තිබිණි.

“ඔහු පන්දුව ඉවතට ගැනීමට උත්සාහ කළ ද එය නිෂ්ඵල වූයේ ය. එහෙත් පන්දුව දැවටුණේ ඔහු අසල ම ය. ඔබ කැමති නම් නායකත්වය වෙනුවෙන් ඔහුට කතා කරන්න. බ්‍රසීලයට ක්‍රීඩා කිරීමට තරම් හැකියාවක් ඔහු සතුයි.‘

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Comments