නිර්මාංශි අයට කියාපූ ටෝෆූ රෙසපි | සිළුමිණ

නිර්මාංශි අයට කියාපූ ටෝෆූ රෙසපි

ටෝෆු මසාලා

අවශ්‍ය ද්‍රව්‍ය

කපාගත් ටෝෆු ග්‍රෑම් 200ක්

තලාගත් ඉඟුරු මේස හැන්දක්

තලාගත් සුදුලූනූ මේස හැන්දක්

චොප්කරගත් අමුමිරිස් කරල් 2ක්

චොප්කරගත් ලූනූ ගෙඩියක්

චොප්කරගත් තක්කාලි ගෙඩි 2ක්

කජු මද 15ක් පමණ

කහකුඩු තේ හැඳි 1/2ක්

වතුර කෝප්ප 1/4ක්

මිරිස්කුඩු තේ හැන්දක්

කොත්තමල්ලි කුඩු

තේ හැඳි 1/2ක්

ගරම් මසාලා තේ හැඳි 1/2ක්

තම්බාගත් ග්‍රීන්පීස්

කෝප්පයක්

ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැන්දක්

ලුණු

 

පෑන් එකට තෙල් දමා රත් වූ පසු ඉඟුරු, සුදු ලූනූ, අමුමිරිස් එකතු කර පසුව ලූනූ, තක්කාලි හා කජු, රස අනුව ලුණු හා කහකුඩු දමා තෙම්පරාදු කරගන්න. දැන් වතුර දමා උතුරන තෙක් මඳ වේලාවක් තබන්න. දැන් ලිපෙන් බා ඒ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න. අවශ්‍ය නම් වතුර එක් කර ගන්න පුළුවන්. නැවත පෑන් එක ලිපේ තබා එයට මිශ්‍රණය එකතු කර එයටම මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු හා ගරම් මසාලා දමා අවශ්‍ය නම් තව ලුණු එකතු කර ගන්න. එයටම ග්‍රීන්පීස්, ටෝෆු දමා අන්තිමට ෆ්‍රෙෂ්ක්‍රීම් දමා උතුරන තෙක් තබා ලිපෙන් බාගන්න.

 

 

ටෝෆු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

කොටු හැඩයට කපාගත් ටෝෆු ග්‍රෑම් 200ක්

ලොකුවට කපාගත් ලූනූ ගෙඩියක්

කපාගත් මාළුමිරිස් කරල් 2ක්

කපාගත් තක්කාලි ගෙඩි 2ක්

චොප්කරගත් ඉඟුරු සුදුලූනූ පේස්ට් මේස හැන්ඳක්

සෝස් එකට

ඔයිස්ටර් සෝස් මේස හැඳි 2

සෝයාසෝස් මේස හැඳි 4

තක්කාලි සෝස් මේස හැඳි 4

සීනි මේස හැඳි 2

චිලී සෝස් මේස හැඳි 2

 

පෑන් එකට තෙල් ටිකක් දමා ටෝෆු බැඳ ගන්න. සෝස් වර්ග ටික හා සීනි එකට කලවම් කර පැත්තකින් තබා ගන්න. නැවත පෑන් එකටම තව තෙල් ටිකක් දමා ඉඟුරු, සුදුලූනූ පේස්ට් එක සාදා ගන්න. කපාගත් එළවළු දමා තෙම්පරාදු කරගන්න. එයටම සෝස් කලවම් කර ටෝෆු එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් බාගන්න.

 

ටෝෆු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

තෙල් ස්වල්පයක්

චොප්කරගත් ලූනූ ගෙඩියක්

කපාගත් ටෝෆු ග්‍රෑම් 100 ක්

වතුර කෝප්ප 4 ක්

කපාගත් කැරට් අලයක්

කපාගත් අල ගෙඩියක්

කඩාගත් කෝලිෆ්ලවර් කෝප්පයක්

ලුණු

තලතෙල් මේස හැඳි 2ක්

 

බඳුනකට තෙල් දමා රත් වූ පසු ලූනූ දමා බැඳගත් පසු වතුර දමා උතුරවන්න. උතුරන විට ටෝෆු දමා තැම්බෙන්න හරින්න. දැන් කැරට්, අල, කෝලිෆ්ලවර් ද, රස අනුව ලුණු ද එකතු කර උතුරන විට ලිපෙන් බාගන්න.

 

 

ටෝෆු ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

සෝයා ටෝෆු ග්‍රෑම් 100ක්

චොප්කරගත් රතු ලූනූ ගෙඩි 2ක්

චොප්කරගත් අමුමිරිස් කරල් 2ක්

පාන්පිටි කෝප්ප 1/2ක්

කෝන් පිටි මේස හැන්දක්

ලුණු හා ගම්මිරිස් කුඩු

චොප්කරගත් කරපිංචා ස්වල්පයක්

කහ තේ හැඳි 1/2ක්

 

ටෝෆු අතින් පොඩි කර එයටම චොප්කරගත් සියල්ල සම​ඟ පාන්පිටි, කෝන් පිටි දමා රස අනුව කහකුඩු, ලුණු හා ගම්මිරි එකතු කරගන්න. උකු බැටර් එකක් සාදා වතුර ස්වල්පයක්ද කලවම් කරගන්න. තෙල් තැවැරූ පෑන් එකට මේ මිශ්‍රණයෙන් හැන්දක් දමා දෙපැත්ත බැඳ ගන්න.

Comments