බන්ධනාගාර ගැටුම පාතාලයේ ආරවුලක්! | සිළුමිණ

බන්ධනාගාර ගැටුම පාතාලයේ ආරවුලක්!

හර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියට ප්‍රධාන හේතුව පාතාල කල්ලි හතරක් අතර ඇතිවූ ගැටුමක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් චන්දන වීරසිංහ ‘සිළුමිණ’ ට පැවසීය.

බන්ධනාගාරය තුළ තිබූ පෞරාණික වටිනාකමකින් යුත් කඩු දෙකක් ඇතුළු පිහි මන්නා උදලු සහ ලී දඬු ගැටුම සඳහා සැකකරුවන් භාවිතා කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරයේ මුළුතැන්ගෙට කඩා වැදී ඇති රිමාන්ඩ් රැඳවියන් එහි තිබූ පිහි, මන්නා සහ දරවලට ගන්නා ලී දඬු පැහැර ගෙන ගුටි බැට හුවමාරුවට යොදාගෙන ඇති බවත් බන්ධනාගාර ගතවීමට පෙර පාතාල සාමාජිකයන් අතර තිබූ නොයෙක් ආරවුල් මෙම ගැටුමට හේතු වී ඇති බවත් ජගත් මහතා අවධාරණය කළේ ය.

Comments