ආපදා මධ්‍යයේත් සිසු පැමිණීම හොඳයි | සිළුමිණ

ආපදා මධ්‍යයේත් සිසු පැමිණීම හොඳයි

සුගිය සතිය තුළ පළාත් 8ක පාසල් සිසුන්ගේ පැමිණීම 41% ක්ද, ගුරුවරුන්ගේ පැමිණීම 67% ක්ද ඉක්මවා ඇතැයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සිළුමිණට පැවැසීය. ඒ කොවිඩ් වසංගතය හා ‘ බුරවි ‘ සුළි කුණාටු තත්ත්ව හමුවේදීය. බස්නාහිර පළාත හැර දිවයිනේ සෙසු පළාත් 8 ක 6- 13 දක්වා ශ්‍රේණි පැවැත්වෙන පාසල් 5100 ක් පමණ පසුගිය 23 වැනිදා විවාත වූ අතර ඒ පාසල්වල පසුගිය සතිය තුළ සිසු පැමිණීම මේ ආකාරයෙන් විය. වයඹ - 35.5%, දකුණ - 34.75%, සබරගමුව- 42.25%, උතුරු මැද - 35.5%, මධ්‍යම - 35.25%, උතුර - 49.25%, නැගෙනහිර - 26%, ඌව - 69.25% ක සිසු පැමිණීමක් විය. මෙම පළාත් 8 තුළ ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ අගයක් ගත අතර එය මේ ආකාරයෙනි. වයඹ - 69%, දකුණ - 70%, සබරගමුව- 74.5%, උතුරු මැද - 70%, මධ්‍යම - 64%, උතුර - 71.75%, නැගෙනහිර - 35.5%, ඌව - 78.25%කි.

Comments