මහ­ජන බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අත්වැල් බැඳ­ගනී | සිළුමිණ

මහ­ජන බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අත්වැල් බැඳ­ගනී

මහජන බැංකුවේ Lanka QR කේතය ඔස්සේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) සිය රක්ෂණ හිමියන්ට ගෙවීමේ පහසුකම් සලසා දීම සඳහා මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අත්වැල් බැඳගනී.

මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත යන අය අතර පසුගියදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය අවම කිරීමේ අරමුණින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම Lanka QR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) කේ.බී. රාජපක්ෂ යන අය ද සහභාගී වී සිටියහ.

ඡායාරූපය - (වමේ සිට දකුණට) - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නිලධාරී (ව්‍යාපාර සංවර්ධන) රුක්මන් වීරරත්න, ප්‍රධාන තොරතුරු නිලධාරී ආලෝක ජයවර්ධන, ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම, සභාපති ජගත් වැල්ලවත්ත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) කේ.බී. රාජපක්ෂ වෙති

Comments