සා. පෙළ විභාග දින අවසන් තීරණය සති අන්තයේදී | සිළුමිණ

සා. පෙළ විභාග දින අවසන් තීරණය සති අන්තයේදී

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව ලබන සති අන්තයේ අවසන් තීරණයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් ලක්ෂ හයක පමණ පිරිසක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසන පරිදි 11 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අදාළ විෂය නිර්දේශ පන්ති කාමර මට්ටමෙන් හෝ ‘ඔන්ලයින්‘ ඔස්සේ කොතෙක් දුරට ආවරණය කර ඇතිද යන්න සොයා බැලීම සඳහා ගුරුවරුන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇත. සියලු පාර්ශ්වයන් මෙහිදී කළ යුත්තේ අඩුපාඩු මඟහැර ගනිමින් සිසුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට පූර්ණ අවධානය යොමු කිරීම හා සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කිරීම බවද මහාචාර්ය පීරිස් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Comments