බැංකු අක්‍රමිකතා සෙවීමේ කමිටුව වැඩට බසී | සිළුමිණ

බැංකු අක්‍රමිකතා සෙවීමේ කමිටුව වැඩට බසී

‘යහපාලන‘ රජය සමයේදී රාජ්‍ය බැංකු මගින් සිදු කරන ලද අක්‍රමිකතා සොයා බැලීම සඳහා වන කමිටුව පසුගිය 27 සිකුරාදා වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

2015 ජනවාරි මස 8 වැනිදායින් පසු ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත්කර තිබේ. අදාළ බැංකු තුළ සිදුව ඇතැයි කියන මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක්ම මේ වන විටත් සූදානමින් සිටිති. බැංකුවල අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 228ක් ලැබී තිබේ. එම පැමිණිලි අදාළ බැංකු, වෘත්තීය සමිති සහ මහජනතාවගෙන් ලැබී තිබේ.

මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් පත් කළ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායකය. සෙසු සාමාජිකයන් ලෙස වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා, විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබිලිව්.ප්‍රේමානන්ද හා මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කටයුතු කරනු ඇත. මෙම කමිටුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබේ.

Comments