නෙලුම් කුලුන තැඹිලි පැහැයෙන් ආලෝකවත් වන්නේ ඇයි! | සිළුමිණ

නෙලුම් කුලුන තැඹිලි පැහැයෙන් ආලෝකවත් වන්නේ ඇයි!

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ ඉංජිනේරුවරයකුගේ ආන්දෝලනාත්මක ක්‍රියා කලාපය ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වූවකි. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේද නොවැම්බර් 25 වැනිදාය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය ක්‍රියාමාලාවක් ඒ නිමිත්තෙන් නොවැම්බර් 25 දා සිට මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 10 දක්වා ලොව පුරා පැවැත්වේ. මෙහි දැක්වෙන කොළඹ නෙලුුම් කුලුන ඇතුළු ලොව පුරා සංකේතාත්මක ගොඩනැගිලි තැඹිලි පැහැයෙන් ආලෝකවත් කිරීම සිදුව ඇත්තේ එම දින 16 තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණිනි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ඇතිව ලෝකයේ සංකේතාත්මක ගොඩනැගිලි තැඹිලි පැහැයට හැරවීමේ ප්‍රචාරණ ක්‍රියාමාලාව නව මංපෙත් විවර කිරීමට හැකිවනු ඇතැයි සැමගේ පැතුම වනු ඇත.

Comments