ශානි අබේසේකරට කොවිඩ් ආසාදනය වෙයි | සිළුමිණ

ශානි අබේසේකරට කොවිඩ් ආසාදනය වෙයි

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.
 
මහර බන්ධනාගාරයේ රඳවා සිටිය දී ඔහුට වෛරසය වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.
 
ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
 

Comments