INSEE Ecocycle සමා­ග­මෙන් තිර­සාර කළ­ම­නා­ක­රණ විස­ඳු­මක් | සිළුමිණ

INSEE Ecocycle සමා­ග­මෙන් තිර­සාර කළ­ම­නා­ක­රණ විස­ඳු­මක්

සියාම් සිටි සිමෙන්ට් (ලංකා) සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන INSEE Ecocycle Lanka පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ භාවිත කර ඉවත දැමූ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් සැපයීමට පසුගියදා සමත් විය.

ඒ අනුව විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයේ ප්‍රකට සමාගමක් වන ජපානයේ Ousei Kankyo Shoji සමාගම සමඟ ඇති කරගත් නව හවුල්කාරීත්වයකට අනුව විදුලි පරිපථ ප්‍රතිචක්‍රීකරණය සඳහා අපනයනය කිරීමට INSEE Ecocycle Lanka පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ. මෙම නව හවුල්කාරීත්වය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාරත්වයට හා අන්තර්ජාතික සහයෝගීතාවට දිගුකාලීන ප්‍රතිලාභ සැලසෙනු ඇත.

වර්ෂ 2003 දී ඇරඹුණු INSEE Ecocycle ආයතනය, මෙට්‍රික් ටොන් 297ක ඉවතලූ ටයර් සිය සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියට දහන මාධ්‍යයක් ලෙස උපයෝගී කරගනිමින් සිය මෙහෙයුම් දියත් කළේය. කාලයත් සමඟ මෙරට අන්තරාදායක මෙන්ම අන්තරාදායක නොවන කාර්මික අපද්‍රව්‍ය රැසක් සඳහා පිළියම් සැපයීමට එම ආයතනයට හැකිවිය.

Comments