HNB කාඩ්පත් හිමි­යන්ට විශේෂ ප්‍රති­ලාභ රැසක් | සිළුමිණ

HNB කාඩ්පත් හිමි­යන්ට විශේෂ ප්‍රති­ලාභ රැසක්

දීමනා සහ වට්ටම් හා ප්‍රවර්ධනයන් පිළිබඳ වැඩි විස්තර https://www.hnb.net/personal/promotions/card-promotions ඔස්සේ ලබා ගත හැකිය.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඩ්පත් හිමියන්ට නිවසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශේෂ ප්‍රතිලාභ රැුසක් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් සහිත සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී ඇති බව නිවේදනය කර ඇත.

මේ අනුව, තෝරා ගත් වෙළෙඳ සහකරුවන් සමඟ ගනුදෙනුකාරභවතුන්ට 50%ක් දක්වා සුවිශේෂී වට්ටම් ලබා ගත හැකි බව HNB දන්වා සිටී. 2020 දෙසැම්බර් 31 දක්වා මාස 3, 6 හා 12 ක කාලයක් සඳහා සියලූම රක්ෂණ, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන ආයතන සමඟ රුපියල් 10, 000 සිට රුපියල් මිලියනයක් අතර සිදු කරනු ලබන ගනුදෙනු සඳහා 0% වාරික ගෙවීමේ විකල්පයක් ද බැංකුව හඳුන්වා දී ඇත.

Comments