හේලීස් වැවිලි සමා­ග­මට ඉහ­ළම ශ්‍රේණි­ගත කිරීම් 10 ක් | සිළුමිණ

හේලීස් වැවිලි සමා­ග­මට ඉහ­ළම ශ්‍රේණි­ගත කිරීම් 10 ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේ දී ඉහළම දළ විකුණුම් සාමාන්‍ය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනී.

තලවාකැලේ වතු සමාගමෙ හි (TTEL) තේ වතු හයක්, කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ වතු තුනක් සහ හොරණ ප්ලාන්ටේෂන්ස් (HPL) හි එක් තේ වත්තක් සැත්තැම්බර් මාසයේ දී හොඳම වතු 10 බවට පත්වෙමින් වතු සමාගමක් ලෙස අපව ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් කරා ළඟා විය.

තලවාකැලේ වතු සමාගමට අයත් Mattakelle වතුයාය පසුගිය වසර 11 තුළ වසර 9 ක් Western High Grown ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත් වී ඇත.

හේලීස් වැවිලි සමාගමට අයත් තේ වතු ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉහළම ශ්‍රේණිගත කිරීම් දහයෙන් නවයක්ම හිමි කර ගැනීමට සමත් වී තිබීම කැපී පෙනේ.

සමාගමට අයත් තවත් වතු සමාගම් පහක් ද ඊළඟ ස්ථාන 10 තුළ සිටින අතර වසර පුරාවටම හොඳම ශ්‍රේණිගත කිරීම් 20න් 15ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම් අතර ශක්තිමත්ව රැඳී සිටී.

Comments