සේවක සෞඛ්‍ය වෙනුවෙන් ලේක්හවුස් සත්කාරයක් | සිළුමිණ

සේවක සෞඛ්‍ය වෙනුවෙන් ලේක්හවුස් සත්කාරයක්

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද සිය රාජකාරිය වෙනුවෙන් කැපවීමෙන් ආයතනය වෙත පැමිණෙන සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස සර්ජිකල් මාස්ක් සහ ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදිත ඉහළ තත්ත්වයේ පිරිසිදු කාරක දියර බෝතල­් ලබාදීම නොවැම්බර් 18 වැනිදා සිදු කෙරිණි. මෙහිදී ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න සේවක නියෝජිතයකුට අදාළ කට්ටල් ලබා දුන් අවස්ථාව මෙහි වේ. පාලන සහ නීති අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, වැඩබලන සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුද්‍රණ හා නඩත්තු කටයුතු) කමල් විජේසූරිය යන අයද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Comments