ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සම­රයි | සිළුමිණ

ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සම­රයි

ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් තුළ හොඳ පුරුදු හුරු කරවීමේ අරමුණින් "ස්වදේශී කොහොඹ බේබි හොඳ පුරුදු" නමින් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ස්වදේශී සමාගම, එම ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබිණි.

ඒ අනුව, තුන්වෙනි වසර සිසු සිසුවියන් ඒකරාශී කරමින්, හොඳ පුරුදු පිළිබඳ සිසුන්ගේ අවධානය යොමු කරන වැඩසටහනක් සපුගස්කන්ද සෝභිත ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි. නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට සිසුන් තුළ උනන්දුවක් ඇති කරන අංග ගණනාවක් එම වැඩසටහනට ඇතුළත් විය.

එම වැඩසටහන ආරම්භ කරමින්, හොඳ පුරුදු 12ක් පිළිබඳ දැනුම්වත් කෙරෙන සැසියක් ස්වදේශී සමාගම මගින් පැවැත්වූ අතර, එය හොඳ පුරුදු පිළිබඳ ළමා පරපුර වඩාත් අවධානයක් යොමු කළ යුතු මේ කාලයේ බෙහෙවින් වැදගත් සැසියක් වශයෙන් සඳහන් කළ හැකිය. එම සැසියෙන් අනතුරුව, යුනිසෙෆ් සංවිධානයේ ජලය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂඥවරියක වන නිලූෂා පටබැඳි මෙනවිය විසින් දෑත් සේදීම පියවර 12 කින් පැහැදිලි කරමින් කළ කතාව මගින් නිවැරදිව දැත් සෝදන්නේ කෙසේද යන්න පිළිබඳව සිසුන්ට පැහැදිලි අවබෝධයක් ලැබිණි.

Comments