මෙරට කාන්තා­වන් වෙනු­වෙන් IFC හා ඕස්ට්‍රේ­ලි­යානු රජයේ සහාය | සිළුමිණ

මෙරට කාන්තා­වන් වෙනු­වෙන් IFC හා ඕස්ට්‍රේ­ලි­යානු රජයේ සහාය

දෙවසක් පුරා මෙරට ක්‍රියාත්මක වූ She Works Sri Lanka ව්‍යාපෘතිය හරහා එම කාලය තුළ මෙරට ප්‍රධානතම ව්‍යාපාර ආයතන 15ක සේවයේ නියුතු කාන්තා ප්‍රතිශතය සියයට 12කින් වර්ධනය වී ඇත. එනම් ගතවුණු දෙවසර තුළ එම ආයතනවල කාන්තා ශ්‍රම බලකාය 12,000ක් ඉක්මවා ගොස් තිබේ.

SheWorks Sri Lanka යනු ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා ඕස්ට්‍රේලියානු රජය එක්ව කරන Women in Work වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවුණු ව්‍යාපෘතියකි.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය සියයට 34කි. එය ශ්‍රම බලකායේ පුරුෂ නියෝජනයෙන් අඩකටත් අඩු ප්‍රමාණයකි. එමෙන්ම වයස අවුරුදු 20-40ත් කාන්තාවන්ගේ ශ්‍රම බලකා නියෝජනය (පෞද්ගලික අංශය තුළ) සියයට 30ක් තරම් පහළ මට්ටමක පවතී. එම වයස් සීමාව තුළදී කාන්තාවන්ට විවාහය, ළමා රැකවරණය ආදී වගකීම් දැරීමට සිදුවීම මෙන්ම විවිධ ඍණාත්මක සමාජ ආකල්ප ඊට හේතුපාදක වී ඇති බව පෙනීයයි. මෙවන් පසුබිමක පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ද සාර්ථකව කටයුතු කළ හැකි රැකියා පරිසරයක් නිර්මාණය වීම අත්‍යවශ්‍ය වේ. මෙරට ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම සමානාත්මතාවයෙන් යුතු හා එක හා සමාන ගෞරවයකින් යුතු රැකියා පරිසරයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය.

Comments