එල් බී ෆිනෑන්ස් වෙතින් මිලි­යන 25ක පරි­ත්‍යා­ග­යක් | සිළුමිණ

එල් බී ෆිනෑන්ස් වෙතින් මිලි­යන 25ක පරි­ත්‍යා­ග­යක්

එල්. බී ෆිනෑන්ස් ආයතනය වෙතින් රු. මිලියන 25 කට අධික වටිනාකමකින් යුත් ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත උසස්ම තත්ත්වයේ හැමිල්ටන් C3 වර්ගයේ ශ්වසන උපකරණ හා සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඇඳන් මහනුවර ජාතික රෝහලේ හෘද චිකිත්සක දැඩිසත්කාර ඒකකය වෙත පරිත්‍යාග කෙරිණි.

මෙම උපකරණ නිල වශයෙන් ප්‍රදානය කිරීම පසුගියදා රෝහල් පරිශ්‍රයේ දී සිදු වූ අතර, එල්. බී. ෆිනෑන්ස් සහකාර සාමාන්‍ය අධිකාරී (මානව සම්පත්) ප්‍රසන්න කාලිංග, ප්‍රධාන කළමනාකරු (මධ්‍යම කලාපය) ගයාන් ආයුවර්ධන සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් වැඩ බලන රෝහල් අධ්‍යක්‍ෂිකා ඉරාෂා ප්‍රනාන්දු සහ එහි නිලධාරී කාර්ය මණ්ඩලය වෙත ප්‍රදානය කෙරිණි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සහය වීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මෙමඟින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා ප්‍රජාව වෙත සේවය සැපයීම සඳහා සෞඛ්‍ය අංශ විසින් සිදු කරන මෙහෙයුම් පුළුල් කිරීමට හැකිවන අතර අනෙකුත් රෝගීන්ගේ පහසුකම් වෙනුවෙන් ද මේ උපකරණ භාවිත කළ හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම, 2011 මූල්‍ය ව්‍යාපාර පනතේ අංක 42 යටතේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමකි.

Comments