රුක් රෝපණ මිලියන දෙකක වැඩසටහනක් ඇරැඹේ | සිළුමිණ

රුක් රෝපණ මිලියන දෙකක වැඩසටහනක් ඇරැඹේ

රිසර සංරක්ෂණය උදෙසා පැළ ලක්ෂ 20ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපෘතියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් 20 වන සිකුරාදා බත්තරමුල්ලේදී ආරම්භ විය. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීවය. සමාරම්භක අවස්ථාවේදී සුදු සඳුන් පැළයක් රෝපණය කර ජනාධිපතිවරයා සමාරම්භක අවස්ථාව සටහන් කළ අවස්ථාවයි මේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන අයද මෙම අවස්ථාවට එකවී සිටියහ.

Comments