බදුර්දීන්ගේ තවත් රහස් එළියට පනී | සිළුමිණ

බදුර්දීන්ගේ තවත් රහස් එළියට පනී

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ රිෂාඩ් බදුර්දීන්ගේ ඥාති දියණියගේ විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් බව පසුගිය 19 වැනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාක්ෂි ලබාදෙමින් ඔහු පැවසුවේ තමා එම විවාහයට අත්සන් කරන්නට ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේනයන්ගේ සමයේ පත් කළ ජනාධිපති කොමිසමට කරුණු දැක්වූ බදුර්දීන් පවසා තිබුණේ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් තමන් දන්නා නමුත් කිසිදු ආකාරයක සබඳතාවක් නොහැති බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ලබාගත් සාක්ෂා ලබාදීමේදීද ඔහු පවසා ඇත්තේ ඔහු සමඟ කිසිදු කිට්ටු සබඳතාවක් නොමැති බවයි.

එහෙත් විමර්ශන කණ්ඩායම් විසින් බදියුද්දීන් හා බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ්ගේ හා බදුර්දීන්ගේ විවාහයට අත්සන් කෙළේ බදියුද්දීන් බව අනාවරණය කරගෙන ඒ බව කොමිසමට දැනුම්දිමෙන් පසුව තමන් අත්සන් කරන්නට ඇතැයි ඔහු පැවසීය.

Comments