පොහොර වංචාවේ දේශපාලකයන් පස්සෙන් සීඅයිඩීය පන්නයි | සිළුමිණ

පොහොර වංචාවේ දේශපාලකයන් පස්සෙන් සීඅයිඩීය පන්නයි

2017 වසරේ සිට 2019 වසර දක්වා දියර පොහොර මිලට ගැනීමේදී රුපියල් ලක්ෂ 900ක මූල්‍ය වංවාය පිටුපස සිටින ප්‍රබල දේශපාලඥයින් දෙදෙනකු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය 19 වැනිදා බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගත් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයකු වූ කසුන් රෝෂණ වඩුගේ ගෙන් ලබාගත් තොරතුරු මත ඉදිරි කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

අදාළ ගනුදෙනුව හරහා සිදු කළ මේ මූල්‍ය වංචාවට සම්බන්ධ වූවන් සම්බන්ධව අත්අඩංගුවට ගත් සභාපතිවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිව ඇති බවද දැනගන්නට ඇත.

Comments