කොවිඩ් එක්ක දිවි ගෙවන්න නව මාර්ගෝපදේශ මාලාවක් | Page 2 | සිළුමිණ

කොවිඩ් එක්ක දිවි ගෙවන්න නව මාර්ගෝපදේශ මාලාවක්

ට තුළ කොවිඩ් -19 වසංගත රෝගය පවතිද්දී හෝ වසංගතය පහව යාමෙන් පසුව හෝ දෛනික කටයුතු සිදු කළ යුතු ආකාරය ඇතුළත් නව ප්‍රතිපත්තියක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිළුමිණට පැවසීය.

ඒ අනුව අධිඅවදානම්, අවදානම් හා සාමාන්‍ය කලාපවලදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන කටයුතු කළ යුත්තේ කෙසේද යන ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී ඇතැයිද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල කටයුතු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවල කටයුතු ඇතුළු සමස්ත ව්‍යුහයම සෞඛ්‍ය ආරක්ෂිතව මෙන්ම ප්‍රායෝගිකව කටයුතු කළ යුතු ආකාරය දක්වා ඇතැයිද යුද හමුදාපතිවරයා කීය. එයින් සමස්ත ජනතාවගේ ආරක්ෂාව සැලසෙන අතර ගෝලීය වසංගතයක් හමුවේ රට ආර්ථික අතින් සංවර්ධනය කරා ගෙන යාමට හැකිවන ආකාරයට ප්‍රතිපත්තිය සකසා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

දැනටමත් රටේ සාමාන්‍ය කටයුතු සිදු කරගන්නා අතර වසංගත රෝග පාලනය හා ව්‍යාප්තිය මැඬලීම පිණිස සියලු ආයතන පුද්ගලයන් විසින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ මෙහිදී වැඩි අවධානයක‍් යොමු කර ඇති බවද හමුදාපතිවරයා පැවසුවේය. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිද පසුගියදා පැවසුවේ කොවිඩ් වසංගතය හමුවේ තවත් වසර 3 ½ක් පමණ කාලයක් අපට ජීවත්වීමට සිදුවන බවයි

එසේම නිදහස් ආයෝජන වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා කටයුතු කළ ආකාරය ගැන මාර්ගෝපදේශ මාලාවක් පසුගිය සතියේ නිකුත් කර තිබුණි. එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා ටෙලිනාට්‍ය රෑගත කිරීම් වෙනුවෙන්ද මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරන ලදී.

Comments