කොටි සමරුවට අධිකරණ තහනමක් | සිළුමිණ

කොටි සමරුවට අධිකරණ තහනමක්

ල්ටීටීඊ හිතවාදි පිරිස් විසින් නොවැම්බර් 25, 26 සහ 27 තෙදින උතුරු ප්‍රදේශය පුරා සැමරීමට යොදා ගෙන තිබූ මහවිරු සැමරුම පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව වළකාලීමට උත්සාහ ගන්නා බවත් ඊට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස යාපනය මහාධිකරණයට ගොනු කළ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කෙළේය.

එහිදී නීතිපතිවරයා සහ රජය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් අධිකරණයට පෙන්වා දුන් කරුණු අනුව මහාධිකරණය විසින් එම තීන්දුව ගනු ලැබුණි.

Comments