අනිද්දා සිට 25වැනිදා තෙක් පළාත් කිහිපයකට වැසි | Page 3 | සිළුමිණ

අනිද්දා සිට 25වැනිදා තෙක් පළාත් කිහිපයකට වැසි

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිසා අනිද්දා (23) සිට ලබන 25 වැනිදා දක්වා උතුර,නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට අවධාරණය කරයි.
 
ඉදිරි පැය 24 තුළ දිවයින වටා ගැඹුරු සහ නොගඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 ක් 70ක් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

Comments