නුවන් සොයිසා ICC දූෂණ චෝදනා 03ක් යටතේ වැරදිකරු වෙයි | සිළුමිණ

නුවන් සොයිසා ICC දූෂණ චෝදනා 03ක් යටතේ වැරදිකරු වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ද වූ නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන චෝදනා තුනකට වරදකරු වී ඇත. 
 
2018 වසරේ නොවැම්බර් මාසයේ දී ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණි. අනතුරුව ස්වාධීන විමර්ශන මණ්ඩලයක් විසින් සිදු කළ පරීක්‍ෂණයකින් පසුව මෙලෙස ඔහු වරදකරු බවට පත් කර ඇත. 
 
තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ල වී තිබේ. වරදකරු වීමට අදාළ වගන්ති පහත පරිදි වේ.
 
2.1.1 වන වගන්තිය – තරඟයක ප්‍රතිපලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් අංශ (ය) නුසුදුසු ලෙස නිවැරදි කිරීමට හෝ සැලසුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට එකඟතාවයකට හෝ උත්සාහයකට පක්ෂ වීම.
 
2.1.4 වගන්තිය – 2.1 වන වගන්තිය උල්ලංගණය කිරීම සඳහා ඕනෑම සහභාගිවන්නෙකුට සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.
 
2.4.4 වන වගන්තිය – කේතය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු ACU වෙත අනාවරණය කිරීමට අපොහොසත් වීම.
 
ඔහුට තවදුරටත් තරග තහනම ක්‍රියාත්මක අතර පනවන දඩුවම් සම්බන්ධයෙන් ඉදිරියේ දී කඩිනමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සදහන් වේ.

Comments