OPPO ප්‍රවර්ධන වැඩසටහනක් | සිළුමිණ

OPPO ප්‍රවර්ධන වැඩසටහනක්

OPPO සමාගම සිය නිෂ්පාදන වල උසස් තත්ත්වය සම්බන්ධ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. OPPO දුරකථන සහ අනෙකුත් උපාංග වෙළඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන හා උපාංග අතරින් වෙනස්වන ආකාරය පෙන්වා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත.

ඒ අනුව, OPPO දුරකථන හා උපාංග නිපදවෙන ආකාරය පෙන්වන වීඩියෝ දර්ශන එකතුවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීමට OPPO කටයුතු කරමින් සිටිති.

නිෂ්පාදනයේදී විශිෂ්ටත්වය සම්බන්ධයෙන් OPPO සමාගම දක්වන ප්‍රමුඛත්වය සහ සැලකිල්ල සහ, එම සැලකිල්ල නිසා උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට සමාගමට හැකිවී ඇති ආකාරය, වාර්තා වැඩසටහන් ස්වරූපයෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ දර්ශන තුළින් පෙන්නුම් කෙරේ.

මීට අමතරව, OPPO නිෂ්පාදන වල උසස් තත්ත්වය සම්බන්ධ සැබෑ තීරකයන් බවට පත්වෙමින්, ඒ පිළිබඳව තම අදහස් හා අත්දැකීම් බෙදාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමටද OPPO කටයුතු කර ඇත.

CoVid-19 හේතුවෙන් මුල්කාලීනව සිදුවූ ඇඳිරි නීතිය පැනවීම් වලින් අනතුරුව හඳුන්වා දුන් Flash Fix සේවාව ඇතුළුව අනෙකුත් විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවන්ද OPPOජනප්‍රියත්වයට බලපා තිබේ. පුහුණු වෘත්තිකයන් විසින්, නියම OPPO අමතර කොටස් යොදාගෙන, පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් ලැබෙන ආකාරයට ඉක්මනින් උපාංග අලුත්වැඩියා කරදීමේ අරමුණින් ආරම්භ කරන ලද Flash Fix සේවාවද, 2020 වසරේදී දකුණු ආසියානු කලාපය තුළ පාරිභෝගික තෘප්තිය අතින් 99% මට්ටමට ළඟාවීමට OPPO සමාගමට හැකිවීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.

Comments