HNB FINANCE PLC වාර්ෂික මහ සභා රැස්වීම | සිළුමිණ

HNB FINANCE PLC වාර්ෂික මහ සභා රැස්වීම

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ඔන්ලයින් තාක්ෂණය භාවිත කරමින් පසුගියදා සමාගම් ශ්‍රවණාගාරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. දස වන වරට පැවති HNB FINANCE වාර්ෂික මහ සභා රැස්වීම කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සහ රැස්වීමේ සීමා හේතු කොට ගෙන අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූයේ ප්‍රථම වරටය. සමාගමේ කොටස් හිමියන්ට අන්තර්ජාලය ඔස්සේ වාර්ෂික මහ සභා රැස්වීම සමග සම්බන්ධ වීමට අවකාශ සලසා තිබිණි. HNB FINANCE සමාගම කොටස් වෙළෙඳපොළට පිවිස සීමිත පොදු සමාගමක් බවට පත්වීමෙන් අනතුරුව පැවති පළමු වාර්ෂික මහ සභා රැස්වීම මෙය වේ. ආරම්භයේ සිටම නවෝත්පාදනයන් වෙත නොපැකිලිව ගමන් කරන HNB FINANCE සමාගම පසුගිය දා පවත්වනු ලැබූ සිය මහ සභා රැස්වීම තුළින් ද ඩිජිටල් තාක්ෂණය වෙත පියනැගීමේ සිය අභිප්‍රායන් කොටස්හිමියන් හමුවේ සනාථ කිරීමට සමත් වූ අතර ගෝලීය වසංගත තත්වය හමුවේ සිය සේවා අඛණ්ඩව ඩිජිටල් වේදිකාව මත පවත්වාගෙන යෑමටත් ඒ තුළින් තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගන්නා මූල්‍ය සමාගමක් වශයෙන් ගනුදෙනුකරුවන් සමග වඩාත් ඵලදායී සහසම්බන්ධතාවක් ගොඩ නංවාගැනීමට හැකි වූ බවත් මෙහිදී තහවුරු විය.

Comments