පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් | Page 2 | සිළුමිණ

පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක්

රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් සමාගම හුරුබුහුටි පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් (Steam Inhaler) මෙරට වෙළදපොලට හඳුන්වාදී තිබේ. මෙය ඔවුන්ගේ මව් සමාගමක් වන දංකොටුව පෝසිලේන් සමාගම විසින් මීට පෙර දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය වෛද්‍ය චරිත් නානායක්කාරගේ සැලසුම් සහ මග පෙන්වීම යටතේ නිපදවනු ලැබූ දංකොටුව පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයේ (Customized Steam Inhaler) වැඩිදියුණු කරන ලද අනුවාදයක් ලෙස සැලකේ.

රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය (Steam Inhaler) භාවිත කිරීමට ඉතා පහසු වන අතර කෝවිඩ් -19 ඇතුළුව විවධ වූ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග තත්ත්වයන් වැළැක්වීම සඳහා නිවෙස්දීම භාවිත කළ හැකි වන පරිදි නිපදව තිබේ. මෙම නිෂ්පාදනය දැනට ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනය (IDH) තුළ ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන් උදෙසාද භාවිත කරනු ලබයි.

Comments