සමාජ සත්කා­ර­යට උර­දෙන සනී­පා­ර­ක්ෂක නීෂ්පා­ද­නයේ ප්‍රමු­ඛයා කෙනෝ | සිළුමිණ

සමාජ සත්කා­ර­යට උර­දෙන සනී­පා­ර­ක්ෂක නීෂ්පා­ද­නයේ ප්‍රමු­ඛයා කෙනෝ

1985 ජුනි 26 පිළිමතලාවේ වට්ටප්පල ග්‍රාමයේදී එච්. එම්. ඩබ්ලිව් වල්ගම සහ සුනේත්‍රා ගුණසේකර යුවළට දාව අමිල ශානක හේරත් නම් වු අප කතා නායකයා මෙලොව එළිය දුටුවේය. නුවර ධර්මරාජ විද්‍යාලයෙන් මුලකුරු කිය වූ ඔහු දිනක ශ්‍රී ලංකාවේ නම ගිය සමාගමක හිමිකරුවකු වනු ඇතැයි මවුපිය ගුරුවරු කිසිවකුත් එදා නොසිතන්නට ඇත. විද්‍යා විෂයන් කෙරෙහි මහත් සමත්කම් දැක් වූ නිසාම නව්‍ය නිර්මාණ කෙරෙහි හේ තත්ත්පරව සිටියේය. රසායන විද්‍යාව ගැඹුරින් අධ්‍යයනය කළ ද හෙතෙම අධ්‍යාපන අවසන යොමු වූයේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකටය.

 

කුඩා කාලේ සිටම අමිල ශානක දේශීයත්වයට අපේ කමට ඇලුම් කළේය. වදනිසුරු කුමරතුඟුවන් ගේ උදෘතයක් වන "අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී" යන්න කුඩා කල පටන් ඔහු සිත් හී නින්නාද දෙන්නට විය. එනිසා නව ලෝකය දිහා විමසිලිමත්ව දකින්න සොයන්න ඔහු පුරුදු විය. තමාගේම වූ යමක් කිරිමේ ස්ථිර අධිෂඨානයෙන් යුතු වු හෙතෙම කුඩා කල පටන් ලැදිව අධ්‍යයනය කළ රසායන විද්‍යා ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළේය. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වුවද ඔහු කිසිදු මොහොතක රසායන විද්‍යාව කෙරෙහි දැක් වූ උනන්දුව අඩු නොකළේය.

මෙරට අග නගරය වූ කොළඹ නගරයට ස්ථිර පදිංචියට පැමිණීමත් සමඟ වෙනස් දෙයක් කිරීමේ ඔහු තුළ තිබූ ආශාව බලවත් විය. වෙනත් ආයතනයක් යටතේ වෙහෙස මහන්සි වනවට වඩා තමන්ගේ දෙයක් වෙනුවෙන් කාලය මිඩංගු කිරිම යහපත් බව අමිලට අවබෝධ විය. පැය අටක් හෝ දහයක් වෙහෙස වී මහමඟ ගෙවා දමන කාලය මොනතරම්ද; ජීවත් වන සුලු කාලය මීට වඩා ඵලදායී ව ගෙවාදැමිය යුතු බව ඔහු සිතු වේය.

රැකියාවට සමුදුන් හෙතෙම පිරිසුදුකාරක නැත්නම් හැමෝම දන්න ඩිටර්ජන් හදන්න ඔහු සිය කාලය ශ්‍රමය කැප කළේය. මුලින්ම වැසිකිලි පවිත්‍රකාරකවලින් පටන් ගත් ඔහු විෂබීජ නාශක නිෂ්පාදන සඳහා ද යොමු විය. සිය නිෂ්පාදන ගුණාත්මකව වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගැනීමත් සමඟ ඊට ඇති ඉල්ලුම දවසින් දවස ඉහළ ගියේය. මේ වනවිට මුළුමහත් රටම හඳුනන පවිත්‍රකාරක සහ විෂබීජ නාශක නිශ්පාදන සන්නාමයක් වන කෙනෝ සමාගම ආරම්භ වන්නේ ඒ අයුරිනි.

මේ වනවිට අමිල ශ්‍රී ලාංකීය කෙමිකල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ හිණිපෙත්තටම නැඟි ව්‍යාපාරිකයෙකි. තරුණ ව්‍යවසායකයකු ලෙස දිවයින සතරදිග්බාගයේ වෙසෙන බොහෝ පිරිසකට ස්ථිර ආදායම් මාර්ගයක් සිය නිෂ්පාදන හරහා ළඟා කර දීමට හෙතෙම සමත් ව තිබේ. කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන මොහොතක සැනිටයිසර් නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් ලෙස කෙනෝ සමාගම ඉදිරියට පැමිණ තිබේ. මේ වනවිට කෙනෝ සනීපාරක්ෂක නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා ආයතන කිහිපයක් සඳහා නොමිලයේ ලබාදීමට ද හෙතෙම කටයුතු කරයි. ඒ වෙළෙඳාම පමණක් අරමුණු කරගත් ව්‍යාපාරික මනසින් බැහැරව උතුම් මනුෂ්‍යයකු ලෙස සමාජ සත්කාරයකට උරදීමේ උතුම් චේතනාවෙනි.

හෙතෙම මේ තත්ත්වයට පැමිණි ගමනේදී තමන්ට මහත් ශක්තියක්, ධෛර්යක් හා කැප කිරීමක් කළ බිරිඳ ඔහු සිහිපත් කරන්නේ ඉතාම දයාබරවය. එසේම මෙම ගමන පැමිණීමේදී ඇගේ පියා ඉමහත් ශත්කියක් වූ බව අමිල පවසන්නේ ගෞරවාදරයෙනි.

077 7734346 යන දුරකථන අංකයෙන් ඔහු ඇමතිය හැකිය.

Comments