පහසුවෙන් රස බැලිය හැකි පුඩිං කිහිපයක් | Page 2 | සිළුමිණ

පහසුවෙන් රස බැලිය හැකි පුඩිං කිහිපයක්

අපි හැමදාම කන බිස්කට් පුඩිං, කැරමල් පුඩිං නැතිව අද මෙන්න මේ ජාතියේ පුඩිං වර්ග හදලා බලමුද

 

අර්තාපල් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

 

තම්බාගත් අල ග්‍රෑම් 500ක්

කිරි ලීටර 1 1/2ක්

(එළකිරි, පිටිකිරි හෝ පොල්කිරි)

මුද්දරස්පලම් ග්‍රෑම් 150ක්

කුඩු කර ගත් කිතුල් හකුරු ග්‍රෑම් 500ක්

බිත්තර 5 ක්

වැනිලා සහ බටර් ස්වල්පයක්

 

හොඳින් පොඩිකර ගත් අලවලට බිත්තර සහ හකුරු එක්කර හොඳින් කලවම් කරගන්න. එයට කිරි, මුද්දරස්පලම් සහ වැනිලා ද එක් කර නැවත මිශ්‍ර කරන්න. දැන් බටර් තැවැරු තැටියක දමා විනාඩි 30ක් පමණ ස්ටීම් කරන්න.

 

වට්ටක්කා පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

 

පොතු ඉවත් කර හුමාලයෙන් තම්බා පොඩි කර ගත් වට්ටක්කා ග්‍රෑම් 400ක්

සීනි ග්‍රෑම් 100ක්

මාගරින් ග්‍රෑම් 75ක්

බිත්තර කහ මදයක්

බිත්තර සුදු මදයක්

බේකින් පවුඩර් තේ හැන්දක්

සිහින්ව කපා ගත් කජු ග්‍රෑම් 100ක්

ගෝල්ඩන් සිරප් මේස හැන්දක්

වැනිලා තේ හැඳි 1/2ක්

 

සීනි සහ මාගරින් හොඳින් මිශ්‍ර කර මෙයට බිත්තර කහ මද හා ගෝල්ඩන් සිරප් ද එක් කර කලවම් කරන්න. එය වට්ටක්කා සමඟ මිශ්‍ර කර බිත්තර සුදු මදයට ලුණු ස්වල්පයක් දමා පෙණ නගින තෙක් බීට් කර එයට වට්ටක්කා මිශ්‍රණය, බේකින් පවුඩර්, කජු සහ වැනිලා දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් 180°Cට විනාඩි 45 ක් පමණ බේක් කරගන්න.

 

සව් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

 

සව් ග්‍රෑම් 150ක්

රුලං ග්‍රෑම් 150ක්

පොල්කිරි කෝප්ප 2 1/2ක්

ලුණු ස්වල්පයක්

කලරින් ස්වල්පයක්

 

කිරි ලිපේ තබා රත් වන විට සව් සහ රුලං දමන්න. රස අනුව ලුණු එක් කර කැමති පාටකින් කලරින් එක් කරගන්න. කිරි කැටි නොගැසෙන සේ හැඳිගා ගත යුතුයි. හොඳින් උකු වී උතුරන විට ලිපෙන් බා නිවෙන්න හැර බටර් ගාගත් බඳුනක දමා ශීතකරණයේ තබන්න.

 

කැරට් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

 

ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 3ක්

බටර් මේස හැඳි 3ක්

සීනි ග්‍රෑම් 250ක්

කෑලි කර ගත් කජු මිටක්

මුද්දරස්පලම් ස්වල්පයක්

දොඩම් යුෂ ස්වල්පයක්

එනසාල් ඇට 3ක්

ගාගත් දෙහි ලෙලි ටිකක්

 

බිත්තර හොඳින් බිට් කරගෙන එයටම එනසාල් එකතු කරගන්න. ඉන්පසු සීනි හා බටර් එක් කර හොඳින් කලවම් කර කජු, මුද්දරස්පලම් හා දොඩම් යුෂ එක් කළ පසු කැරට් ද එකතු කරගන්න. දැන් ගාගත් දෙහි ලෙලි දමා කලවම් කොට විනාඩි 45ක් පමණ ස්ටීම් කරගන්න.

Comments