ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් කිලිනොච්චියේ ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය | සිළුමිණ

ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් කිලිනොච්චියේ ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය

ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි පූනරින් ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේ පොන්නාවෙලි ග්‍රාමනිලධාරී වසමට අයත් ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් නොබෝදා ජනතා අයිතියට පත් කරන ලදී. පොන්නාවෙලි ග්‍රාමසේවා වසමේ වේරාවිල්, වලයිපාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනෙහි පදිංචි දෙදහසකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් යළි පුබුදමු ලංකා සංවිධානයේ අපේ ලංකා වැඩසටහන සමග එක්ව දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, පූනාකරි (පූනරින්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහය හා මඟ පෙන්වීම යටතේ සිදු කරන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි හි දුෂ්කර ගම්මාන තුනක ජිවත්වන දෙදහසකට අධික ජනතාවගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදීමේ මානුෂීය කර්තව්‍යය ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෑතකදී ඉටු කරන ලද සුවිශේෂී වැඩසටහනකි. අපේ රටේ ජනතාවගේ සුබසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.

Comments