මධූෂ්ගේ කෝටි 100ක් වෙනත් අයගේ ගිණුම්වල | සිළුමිණ

මධූෂ්ගේ කෝටි 100ක් වෙනත් අයගේ ගිණුම්වල

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ්ට අයත් ඩුබායි සිටියදී විවිධ ජාවාරම් මඟින් ඉපැයූ රුපියල් කෝටි 100ක ආසන්න මුදල් වෙනත් හත්දෙනෙකුගේ ගිණුම්වලට යොමු කර ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබෙමින් තිබෙන බව කියති.

එම මුදල් ලබාගත් හා ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධව මේ වන විටත් අනාවරණය කරගෙන ඇති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයිද විශ්වාස කෙරේ.

කප්පම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල්වලින් ඔහු විසින් මිලට ගත් වාහන රැසක් මෙරට විවිධ පුද්ගලයන් නවදෙනෙකුගේ නම්වලින් ලියාපදිංචි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද මේ වන විටත් විමර්ශන සිදු කරනු ලබන බවත් වාර්තා වේ.

Comments