එක්සත් ජාතීන්ට වසර 75යි | සිළුමිණ

එක්සත් ජාතීන්ට වසර 75යි

ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරමින් ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔක්තෝබර් 24 වනදාට වසර 75ක් සපිරේ.

දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් වසර 1945 ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමි වූයේ 1955 දෙසැම්බර් 14 වැනිදාය.

වර්තමානයේ රටවල් 193ක් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මට්ටම් දියුණු කරගැනීම, ආර්ථික, සමාජීය දියුණුව, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු විෂයයන් සම්බන්ධයෙන් ලැබුණු දායකත්වය සුවිශේෂය.

කෝවිඩ් වසංගතය තුළ මුළු ලෝකයටම වඩාත් ප්‍රබලව සිහිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක තිබෙන වැදගත්කම බව පෙන්වා දෙන අගමැති මහින්ද රාජපක්ෂයන් එම නිවැරැදි මාර්ගෝපදේශයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් අනාගත වසංගත තත්ත්වයන්ට හා ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට අප අදිටන් කරගත යුතු බව ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.

Comments